පැණි වරකා ගහට හෙන වදියි – මෛත්‍රී ගුණරත්න සජිත්ට එරෙහි වෙයි

පැණි වරකා ගහට හෙන වදියි – මෛත්‍රී ගුණරත්න සජිත්ට එරෙහි වෙයි image 47

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ දැනට ක්‍රියාත්මක වැඩ පිළිවෙළෙත්,රනිල් වික්‍රමසිංහගේ එජාපයේ වැඩ පිළිවෙළෙත් අතර මහ ලොකු වෙනසක් පෙනෙන්නට නැතැයි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න පවසයි. 

සජිත් ප්‍රේමදාස මිතුරා සම්බන්ධයෙන් මෛත්‍රී ගුණරත්න එවැනි විවේචනයක් ඉදිරිපත් කර ඇත්තේ, ‘ඒෂියන් මිරර්’ වෙබ් අඩවිය හා පැවති සාකච්ඡාවක දීය. 

මෛත්‍රී ගුණරත්න ‘‘රනිල් ගේත්, සජිත් ගේත් වැඩි වෙනසක් නෑ‘‘ යැයි කියන්නේ කියන්නේ කරුනු කිහියක් පාදක කොට ගෙනය

1.සජිත් ප්‍රේමදාස ගෝඨාභය විසින් මෙහෙයවන පඹයෙකි .වඩාත් නිවරදිව කිව හොත් සජිත්ට ඩිල් එකක් දැමීමට තරම්වත් කොන්දක් නැත.

2. සජිත් දෙවන පෙල නායකයෙකුට උඩට ඒමට ඉඩ දෙන්නේ නැත.

3. රනිල් මෙන්ම සජිත්ද කිසිවෙකුට සවන් දෙන්නේ නැත . මූනිච්චවට මෙන් ” ඕකේ අයි හෑව් නෝටඩ් ”කියා කීවාට මිනිසුන්ගේ අදහස්වලට ගරු නොකරයි

4.තමන්ගේම පක්ෂයේ සමගි කරනවා වෙනුට පක්ෂය තුල එකිනෙකා කොටවන්නේ සජිත්ය

5. රනිල් එජාපය නැත්තටම නැති කළා සේ සජිත්ද තමන්ගේ පක්ෂය විනාශ නැත්තටම නෑති කරන අයෙකි

6. රනිල් වාර්තා තැබූ පරාජිතයෙකු වන්නේ යම්සේද සජිත්ද වාර්තා පිහි‍ටුවන පරාජිතයයෙකි.

අනෙක් විශේෂතම කරුන සජිත් වැඩ කළ හැකි අයට තනතුරු දීමට බිය වෙයි. ශිරාල් හා රාජිත කීර්ති තෙන්නකෝන්, මෛත්‍රී ගුරණත්න, අසාද් සාලි යන අයත කිසිදු තනතුරක් දී නැත.

මෙකී පුද්ගලයන් දේශපාලන වශයෙන් වැඩ්ඩන් වීම සහ මොවුන් චම්පික රණවක සමග පවත්වන හිතවත් කම නිසා කොන් කිරීමට ලක් කොට ඇත