නන්දසේන වටේ ඉන්නේ කපුටො, නන්දසේන එන ඡන්දය පරදිනවා – මැදගොඩ අභයතිස්ස හිමි ජනපතිගේ රෙදි ගලවයි

නන්දසේන වටේ ඉන්නේ කපුටො, නන්දසේන එන ඡන්දය පරදිනවා – මැදගොඩ අභයතිස්ස හිමි  ජනපතිගේ රෙදි ගලවයි image 49

කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් මැදගොඩ අබේතිස්ස හිමි ජනාධිපති නන්දසේන ගෝඨාබය ප්‍රභල ප්‍රහාරයක් එල්ල කළේය. ගෝඨාණ්ඩුව ආයෝයනයක් ලෙස අයිසින් තලියක් තවරා නැගෙනහිර පර්යනතය ඉන්දීයවට පැවරීමට සූදානම් බව උන්වහන්සේ කීවේය. කවර ආකාරයකින් වත් නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට නොදිය යුතු බව උන්වහන්සේ අවධාරණය කළේය. ආයෝජනය යනු විකිණීමට කියනු ලබන තවත් නමක් බව උන්වහන්සේ කීවේය.

එහිදී උන්වහන්සේ ” කොළඹ වරයේ ආයෝජනයට යෝජිත ඉන්දීය අදානි සමාගම ඉන්දියාවේ මුම්බායි වරායද කෙලවූ සමාගමක් බව හෙළිකලේය.අද ඩොලර් කාක්කන් පිරිසක් ජනාධිපති වටලාගෙන සිටින බව ද කීවේය. මේ හේතු නිසා නිසා ජනපතිට තිබූ ගෞරවය නැති වී ඇති බව කීවේය. වටේ සිටින ඩොලර් කපුටන් නිසා ජනපති ඊලග මැතිවරණය පැරදී ගෙදර යන බව කීවේය.

තවද , නන්දසේන පැරදී ගෙදර යනවා කී කථාවටත් වඩා බරපතල කථාවක් උන් වහන්සේ කීවේය. ඉදිරියේදී ආණ්ඩුවට ගෑවුණු අයෙකුටවත් ජනතාව ඉදිරියට ගොස් ඡන්දයක් ඉල්ලන්න බැරි වෙනවා.” යැයි අවධාරණය කළේය

මෙම පුවත ජාතික සංවිධාන විසින් පවත්වාගෙන යන ලංකාලීඩ් අඩවියේද පල විය . මැදගොඩ සාදුගේ වොයිස් කර් එකද අමුනා ඇත