තුං නොදකින්, නයිදිව යලි ජාතිවාදය අවුළුවයි

තුං නොදකින්, නයිදිව යලි ජාතිවාදය අවුළුවයි image 52

රවුෆ් හකීම් කොරෝනා පොසිටිව් බව වාර්තා වූයේ ඊයේ දිනයේදීය . දිවයින පුවත්පත හකීම් කොරෝනා පොසිටිව් බව වාර්තා කළේ පොල් ගෙඩි අකුරුනි. එපමනක් නොව හකීම් වගකීම් විරහිත විරහිත ලෙස ක්‍රියාකොට ඇතැයි කුළුගැන්වෙන පරිදි උප උපශීර්ෂ 2 ඇතුලත් කොට තිබුණි. ඒම උපශීර්ශ පහත පරිදිය

  1. නවවසරේ පලමු පාර්ලීමේන්තු සැසියටත් ඇවිත්
  2. පලමු ආශ්‍රිත මන්ත්‍රීලා 15ක් නිරෝධායනයට

අද දිනයේ වාසුදේවට කොරෝනා පොසිටිව් බව වාර්තා විය . දිවයින එම පුවත වාර්තා කළේ කූඹි කකුල් අකුරු වලිනි. තවද අද වාර්තාවූ වාසුගේ පුවත, පරණ පුවතක් ලෙස පහල කෙලවරක පල කොට ඇත. ඊයේ වාර්තා වූ හකීම්ගේ පුවත, ප්‍රමුඛ පුවත ලෙස පොල් ගෙඩි අකුරුන් පල කොට ඇත. වාසු ආගිය තැන් ගැන සදහන් කොට නැත . වාසුගේ පලමු ආශ්‍රිතයක් ගැන හාංකවිසියක් ලියා නැත .

ජඩමාධ්‍කරණය කලාවක් නම් දිවයින , දෙරණ සහ හිරු එහි පිකාසොලා වෙයි

තුං නොදකින්, නයිදිව යලි ජාතිවාදය අවුළුවයි image 50 1024x655
තුං නොදකින්, නයිදිව යලි ජාතිවාදය අවුළුවයි image 51