නව දේශපාලන පෙරමුණ ගැන ගෝඨා බියෙන් තැති ගනියි, චම්පිකට එරෙහි සටනට දිලිත් ජයවීර කැඳවයි

නව දේශපාලන පෙරමුණ ගැන ගෝඨා බියෙන් තැති ගනියි, චම්පිකට එරෙහි සටනට දිලිත් ජයවීර කැඳවයි image 55

ගෝඨාණ්ඩුව ගැන තැබූ සියළු බලාපොරොත්තු සුන්වී ඇතැයිද රට අළුත් නායකයෙකු සදහා සූදානම් කළ යුතුයයි පෙරේදා ඇල්ලේ ගුණවංශ හිමි කීවේය. මේ වන විට, මෙය ඇල්ලේ හිමිගේ පමනක් නොව විද්වතුන් ඇතුළු බොහෝ දෙනෙකුගේ මතය වී ඇත.

විකල්ප නායකයෙකු ගැන කියන විට විද්වතුන්ගේ සහ බෞද්ධ භික්ෂූන්ගේ පලමු තේරීම කවුරුන් විය හැකිද ? බෞද්ධ භික්ෂූන්ගේ සහාය සජිත්ට ගත හැකි වුවද විද්වතුන්ගේ සහාය සජිත්ට ලැබිය හැකි ඉඩ ඉතා අඩුය . නමුත් චම්පිකට එකී පාර්ශව දෙකේම සහාය ලැබිය හැක . කරුණු එසේ හෙයින් 2025දීත් ජනපතිවරණයට තරඟ කිරීමට දත කට මැදගෙන සිටින ගෝඨා චම්පික යටිබිම්ගතව ස්ථාපනය කරමින් යන දේශපාලන පෙරමුණ ගැන බිය වී සිටියි.

ගෝඨාභයට කෝකටත් තෛලය ලෙස ඇත්තේ දිලිත් ජයවීරය . ජාඩියට මූඩියසේ දිලිත් ජයවීරද ගෝඨා වෙනුවෙන් ඔනෑ කුප්ප වැඩක් කිරීමට සූදානම්ය. දිලිත් සිය මාධ්‍ය ජාලය යොදාගෙන චම්පිකට පහර දීම ආරම්භ කළේය. පෙරේදා දෙරණ 360 වැඩසටහන හරහා ඉතා සාහසික ලෙස චම්පිකට පහර දෙන අයුරු දැක ගත හැකි විය.දිලිත් ජයවීර චම්පිකට පහර දීමට යොදා ගත්තේ විමල් වීරවංසය.

චම්පික රණවක ගොඩනඟන නව බලවේගයට සම්බන්ධ වෙනවාද කියා දෙරණ 360° විමල්ගෙන් විමසුවේය. විමල් ඊට දුන්නේ මෙවැනි පිළිතුරකි

රණවක මන්ත්‍රීවරයා ‘විමල්, ගම්මන්පිල ,බන්දුල එකතුකරගෙන ආණ්ඩුවට වැඩේ දීමට සාකච්ඡා කරමින් සිටිනවා’ යනුවෙන් තැන තැන ප්‍රකාශකර ඇතැයි තමන්ට ද දැනගැනීමට ලැබුණු බවත් එවැනි දේශපාලන පිංගුත්තරයකු සමග සාකච්ඡා කරනවා තබා ඔහු සිටින දෙස බැලීමටවත් තමන් ඇතුළු ඉහත පිරිස සූදානම් නැති බව වීරවංශ කීවේය.

අපට වාර්තා වී ඇති පරිදි ඇත්ත කථාව ඊට වෙනස්ය . චම්පික නව දේශපාලන පෙරමුණක් පිහි‍ටුවන කථාව ඇත්තය , නමුත් ඊට විමල්, ගම්මන්පිල , බන්දුල සම්බන්ධ කරගැනීමේ අපේක්ෂාවක් චම්පිකට නැත. විමල්, ගම්මන්පිල , බන්දුල වැනි අයට වඩා නව දේශපාලන ව්‍යාපාරයට සම්බන්ධ කරගත හැකි සුජාත මිනිසුන් චම්පික සතුව ඇත.

තීරනාත්මක හෝරාවේ ගොඩ නැගෙන නව එකමුතුව ගැන ඉඟියක් චම්පික පාර්ලීමේන්තු මැතිවරනය අභියෙසදී ලබා දුන්නේය. සරත් වීරසේකර සහ විමල් වීරවංශ යන දෙදෙනාම තරඟ කළේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ගන්නේ සරත් වීරසේකර බව චම්පික කීවේය. සරත් වීරසේකර, විමල්ට වඩා තමන් පෙනී සිටින මත වාදයට අවංක බව චම්පික කීවේය. කරුණු එසේ විමල් වැනි අයෙක් නව පෙරමුණට සම්බන්ධ කරගැනීමට තියා එවැනි කථාවක් කීමට හෝ චම්පිකට පිස්සු නැත

තමන් පෙනී සිටින රාජපක්ෂ කඳවුර දේශප්‍රේමී එකක් ලෙස හුවා දැක්වුවද ලංකාවේ ක්‍රියාත්මක සියළු දේශපාලන පක්ෂ දුෂිත බව බත් කන මිනිසුන් දන්නා කරුණකි. විමල් වීරවංශ යනු දූෂිත රාජපක්ෂ රෙජීමයට රෙදි නැතිව කඩේ යන පවි‍ටු ශරීරයකි. මාවරමංඩියේ කමියුනිකේෂන් පවත්වගෙන ගිය විමල් මේ වන විට කෝටිපතියෙකි . කෝටි 200 පමන මාලිගාවක් අද ඔහුට ඇත.අප නොදන්නා නමුත් හොරෙන් මිලදී ගත් දේපල ඊට වඩා වැඩි විය හැක. සැබෑ දේශප්‍රේමියෙකු කිසිදා මහජන දේපල සොරා ගන්නේ නැත.

පසුගිය මැතිවරණයේදී සරත් වීරසේකර ලබා ගත් මනාප ගණන මැකො විසින් ප්‍රකාශයට පත්කළ ගණනට වඩා වැඩි බව ප්‍රසිද්ධ රහසකි. එය මහින්ද රාජපක්ෂ ලබාගත් මනාප ගණනටද වඩා වැඩි විය. විමල්ගේ මනාප ගණන මෙන් දෙගුණයකි. විමල් වීරවංශ යනු සිංහ හමක් පොරවා ගෙන සිටින වෙනත් සතෙකි . එකී සතා කවුරුන්ද යන්න මේවන විට ජනයා හදුනාගෙන ඇති බව පසුගිය මැතිවරණ ප්‍රතිඵලයෙන් පැහැදිළි විය.

කෙසේ වුවද එදා මහින්දට කෙලින්ම රිපෝට් කළ විමල් (මහින්දගේ අණ යටතේ වැඩ කළ ) අද දිලිත්ට රිපෝට් කිරීම විමල්ගේ දේශපාලනයේ කඩා වැටීම මොනවට පෙන්නුම් කරයි