”43 බ්‍රිගේඩ්” සාමාජික සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවයි , පක්ෂ විපක්ෂ ක්‍රියාකාරීන් තැති ගනියි

”43 බ්‍රිගේඩ්” සාමාජික සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවයි , පක්ෂ විපක්ෂ ක්‍රියාකාරීන් තැති ගනියි image 63

චම්පික රණවක විසින් බිහිකල නව දේශපාලන පෙරමුණ ගැන විමල් වීරවංශ විසින් පවත්වාගෙන යන ලංකා ලීඩ් වෙබ් අඩවිය ලිපියක් පල කොට ඇත. චම්පිකගේ විතැන්වීම ඊලග ජනපති සටනේ පලමු වෙඩි මුරය බව සඳහන් කරමින් ලේඛකයා ලිපිය ආරම්බ කරයි.

උපුටා ගැනීම, ”විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නායකත්වය දරන සමගි ජන බලවේගය තුළ දේශපාලන පිපිරුමක් නියත බවට පැහැදිලි ලකුණු මතුවෙමින් පවතී. එය රටට ප්‍රදර්ශනය වූ ආසන්නතම සිදුවීම වන්නේ සිය අනාගත ජනාධිපතිවරණ අපේක්ෂකයා වෙන කිසිවකු නොව සජිත් ප්‍රේමදාස යැයි සජිත් හිතවාදී තිස්ස අත්තනායක පසුගියදා කරන ලද ප්‍රකාශයයි.

දේශපාලන පක්ෂයක් සිය ජනපතිවරණ අපේක්ෂකයා නම් කිරීම සඳහා අනුගමනය කළ යුතු පිළිවෙතක් මෙන්ම තව බොහෝ කල් තිබියදී හදිසියේ එබඳු ප්‍රකාශයක් කිරීමට පළපුරුදු දේශපාලනඥයකු පෙලඹීමට හේතුව ජනපති අපේක්ෂකත්වයට අභියෝගයක් පැවැතීම බව වසන් කළ නොහැකි සත්‍යයකි. සජිත් ප්‍රේමදාසගේ නායකත්වයට සමගි ජන බලවේගය තුළින්ම අභියෝගයක් එල්ල කළ හැකි එකම මන්ත්‍රීවරයා පාඨලී චම්පික රණවක පමණි.

අනෙකුත් සියලු දෙනා අනුගාමිකයන් මිස නායකත්වයට තරග වදින සාමාජිකයන් නොවේ. පාඨලී චම්පික ජාතික හෙළ උරුමයේ මෙතෙක් දැරූ තනතුරුවලින් ඉල්ලා අස්වීම ඔහු අලුත් ගමනකට සැරසෙන බවට කළ පැහැදිලි ඉඟියකි.” උපුටා ගැනීම අවසන්

චම්පිකගේ නව දේශපාලන පෙරමුණ ගැනද ලේඛකයා සදහන් කොට ඇත .

උපුටා ගැනීම, ”චම්පික සිය අනාගත දේශපාලන සිතියම ඇඳ අවසන් බව 43 සේනාංකය යනුවෙන් නම් කළ කණ්ඩායම පිහිටුවීමෙන් පැහැදිලි වන කරුණකි. එමෙන්ම ඔහුගේ ඊළඟ පියවර ඇමැති තනතුරකට සීමා වන්නේ නම් ජාතික හෙළ උරුමයේ තනතුරුවලින් ඉවත් විය යුතු නැත. ඔහුගේ ඊළඟ පියවරට ජාතික හෙළ උරුමයේ තනතුරු බාධාවක් ලෙස දකින්නේ නම් ජනපතිවරණ ඉලක්කය මිස වෙන කුමක්ද? සමගි ජන බලවේගය මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමකදී 43 සේනාංකයට විරෝධය පළවන්නේ ඔහුගේ ඉලක්කය අනෙකුත් මන්ත්‍රීවරුන් හඳුනාගෙන ඇති බැවින් නොවේද? ” උපුටා ගැනීම අවසන්

චම්පිකගේ නව දේශපාලන පෙරමුණ ගැන පසුගියදා සජිත්ද ප්‍රශ්න කර තිබුණි. නව දේශපාලන පෙරමුනෙහි දැක්ම පිළිබදව සංවාදයක් කරනවා වෙනුවට සජිත් සිය ගෝලබාලන් උසිගන්වා චම්පික අපහසුතාවයට පත්කිරීමට එහිදී උත්සාහ ගෙන තිබුණි.

නව ‍රැළි, පෙරළි,ප්‍රවණතා ඇති වීම දේශපාලනයේ ස්වභාවය වෙයි . නවීන සන්නිවේදන මෙවලම් භාවිත කරමින් ”43 බ්‍රිගේඩ් ” නොහොත් චම්පිකගේ නව දේශපාලන පෙරමුණ ගම් නියංගම් පුරා ව්‍යාප්ත වෙමින් පවතියි. මේ වන විට 43 වන සේනාංකයේ සාමාජිකයන් සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවා ගොස් ඇත. එය නිල වශයෙන් ජනගත කිරීම 2021 ජන 17 සූම් තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට නියමිතය.1943 ඇතිකළ නිදහස් අධ්‍යාපන ක්‍රමයෙන් ප්‍රතිලාභ ලැබූ පුරවැසියන් රටේ ජාතික වගකීම් කරට ගත යුතු බව 43 වන සේනාංකයේ දැක්ම වෙයි.

එහි නිළ ඇරයුම්පත පහත පරිදිය

43 සේනාංකය  මිනිසත්කම, දැනුම, කුසලතාව පෙරටු කොට ගෙන දේශපාලන, ආර්ථික, සංස්කෘතික හා සමාජික නවජීවනයක් අත්පත්කර ගැනීමේ සමාජ ප්‍රඥාව ගොඩ නගනා සියවසේ අභිමානවත් පුරවැසි ව්‍යාපාරය “43 සේනාංකයේ” මංගල ප්‍රකාශය එළි දැක්වීමේ උත්සවය 2021 ජනවාරි 17 දින උදෑසන 9.30 ට zoom ඔස්සේ http://bit.ly/43-brigade                                     43 படையணியின் – மக்கள  வெளியீட்டு விழா / 2021 ஜனவரி 17 ஆம் திகதி காலை 9.30 க்கு Zoom தொழிநுட்பத்திநூடாக. நீங்களும் இன்றே மேலுள்ள லிங்க்கை click செய்து பதிவு செய்து கொள்ளுங்கள் http://bit.ly/43-brigade                     43 Brigade – Register to join the inaugural zoom session of the brigade on 17th January 2021 at 9.30 a.m. by clicking on the link http://bit.ly/43-brigade