ධම්මික පැණියා දේවාරූඩයෙන් ලැට් වලවල් ඉසිනවාලු, බයියන්ගේ මහා ඉසිවරයාගේ රෙදි නෑ

ධම්මික පැණියා දේවාරූඩයෙන් ලැට් වලවල්  ඉසිනවාලු, බයියන්ගේ මහා ඉසිවරයාගේ රෙදි නෑ image 34

බයියන් යනු විලිසංගෙ නැති ජාතියකි . බයියන්ගේ මහා ඝාන්ධර්භයා ඉරාජ වීරරත්නය, බයියන්ගේ පංචායුධය විමල් වීරවංසය, කුඩ සීතා බයියන්ගේ රිදී සීනුවය , උන්මත්තක නලින් සිල්වා බයියන්ගේ මහා ප්රාඥයාය,. බයියන්ගේ මහා ව්‍යවසායකයා කංසා දිලිත්ය . බයියන්ගේ ‘අකිලීස්’ යුද්ධයට බියේ ඇමෙරිකාවට පැන ගිය නන්දසේනය.


මෙම ලැයිස්තුවට මෑතකදී තවත් අයෙක් එක් විය . මේසෙන්බාස් ධනපාල නොහොත් ධම්මික බන්ඩාර බයියන්ගේ මහා ඉසිවරයා ලෙස එක් විය. ධම්මික බණ්ඩාර නිසා මේවන විට කෑගල්ල ප්‍රදේශය කොරෝනා ගොවි පොළක් බවට පත්ව ඇත. මෙම තක්කඩි වෙදා හදුන්වා දුන් පැණිය බුන් දහස් ගනනකට කොරෝනා වැළදී ඇත . පාර්ලීමේන්තු මන්ත්‍රී වාසුදේවද පැණිය බුන් අයෙකි

ධම්මික බණ්ඩාර හදුන්වා දුන් ඖෂධය පානය කළ බව කියන කෑගල්ලේ ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සියලු දෙනාම කොරෝනා ආසාදනය වී ඇතැයි පුවතක් අද දින ලංකාසී නිවුස් වෙබ් අඩවිය වාර්තා කොට ඇත. මෙම වෙබ් අඩවිය මුල් කාලයේ පැණිය වෙනුවෙන් රෙදි නැති කඩේ ගියේය.

සත්‍ය ආයාසයෙන් දිය යට රඳවාගෙන සිටින රබර් බෝලයක් බදුය . මතුවීම එහි ස්වභාවය වෙයි . තක්කඩි වෙදාගෙ නිරුවත දැන් හෙලි වී ඇත. තක්කඩි වෙදාට පහසූකම් සැලසූ දෙරණ ඔහුව අතහැර දමා ඇත.හොර වෙදාට මහජන මුදලින් සාදික්කා අඹරන මැෂිමක් යැවූ මව්බිමේ පංචායුධය නොහොත් විමලේට ගලේ පැහැරූ බලලාට අත්වූ ඉරණමට මුහුණ දී සිටියි.

එපමනක් නොව බොරු කියා ජනයා ‍රැවටූ තක්කඩි වෙදා ජනයාගේ උසුලු විසුලු වලට ලක් වෙමින් ඇත . ඉහත දැක්වෙන්නේ වස්තී විසින් බයියන්ගේ මහා ඉසිවරයා වන ධම්මික බන්ඩාර උපහාසයට ලක් කොට ඇති අයුරුය. වස්තිගේ නවතම වීඩියෝවේ මෙම දර්ශන දැකිය හැක