බැංකු හොරා කවුද කියා එළිකරනවා ! රවීගෙන් රනිල්ට තර්ජනයක් -විමල්ගේ ලංකා ලීඩ් නිවුස් වාර්තා කරයි

බැංකු හොරා කවුද කියා එළිකරනවා ! රවීගෙන් රනිල්ට තර්ජනයක් -විමල්ගේ ලංකා ලීඩ් නිවුස් වාර්තා කරයි image 69

විමල් වීරවංශ විසින් පවත්වාගෙන යන ලංකා ලීඩ් නිවුස් ආන්දෝලනාත්මක පුවතක් වාර්තා කොට ඇත .එම පුවත පහත දැක්වේ.

එක්සත් ජාතික පක්ෂයේ නව නිළධාරි මණ්ඩලය පත් පත්කිරීමට පෙර “සිරිකොතදී” වික්‍රමසිංහ මහතා සමඟ කරුණානායක මහතා මෙන්ම නවීන් දිසානායක, අර්ජුන රණතුංග සහ ලක්ෂ්මන් විජේමාන්න යන මහත්වරුන් සමඟ පැවති සාකච්ඡාවක දී; තමා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් බැවින් තමාට අවශ්‍ය උප නායක ධුරය නොව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තනතුර බව රවි කරුණානායක මහතා රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබෙන බව වාර්තාවේ.

එජාපයේ මහලේකම් තනතුර ගමෙන් පැමිණි පුද්ගලයකුට දිය යුතු බව ඊට ප්‍රතිචාර දක්වමින් වික්‍රමසිංහ මහතා කරුණානායක මහතා හා පිරිස හමුවේ සඳහන් කර තිබෙන අතර ඉන් කෝපයට පත් කරුණානායක මහතා තමාට මහ ලේකම් තනතුර දෙන්නේ නැත්නම් පක්ෂයේ ඉඳලා වැඩක් නැති බව සඳහන් කරමින් මේ සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තොරතුරු හෙළිදරව් කරන බවට තර්ජනය කරමින් පක්ෂ නායකයාගේ කාමරයෙන් පිටව ගොස් තිබේ.

Lankaleadnews.com

පසු සටහන

කෙසේ වවද ජනයා ප්‍රතික්ෂේප කර තිබියදී ප්‍රතිසංවිධානයකින් තොරව දිගින් දිග නායකත්වයේ ‍රැදී සිටීම පිලිබදව රවි- රනිල් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වූ බව සතයය . එපමනක් නොව නවීන්, අර්ජුන , ලක්ෂ්මන් යන ජේෂ්ඨ දේශපාලකයන්ද රවිගේ මතය අනුමත කරමින් රනිල්ට විරෝධය පා ‍රැස්වීමෙන් ඉවතට ගොස් ඇත