සරත් වීරයෙකි ! දිනේෂ් , විමල් වැනි දේශප්‍රේමීන් පොල් පිත්තෙන් කපා ගත හැකිය

සරත් වීරයෙකි ! දිනේෂ්  , විමල් වැනි දේශප්‍රේමීන් පොල් පිත්තෙන් කපා ගත හැකිය image 70

මහරගම යනු කොළඹ නගරයට පිවිසෙන මුවදොරකි. මේ වන විට මහරගම නගර සැලැස්ම ඉතා අවිධිමත්ය , බදු ගෙවන ජනයාට අනවසර පදික වෙළදුන් නිසා සිදුවන කරදර නිමක් නැත.

නමුත් අනවසර වෙළදුන් ඉවත් කිරීමට කිසිදු දේශපාලකයෙකු පෙරට ආවේ නැත .ප‍ටු දේශපාලන වාසි දෙස බැලූ ඔවුන් , අනවසර වෙළදුන් නිසා බහුතරයක් ජනයාට සිදුවන කරදර ගැන නෑසු කන්ව සිටියහ.

බොරලුගොඩ පින් පියා නොහොත් දිනේෂ් ගුනේ අනවසර වෙළදුන් සහ ඉඳිකිරීම් ආරක්ෂා කරන ලෙස මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමකදී යෝජනාවක් ද සම්මත කළේය.

නමුත් ජාතික අවශ්‍ය තාවය සලකා බැලූ සරත් වීරසේකර අනවසර වෙළදුන් ඉවත් කිරීමට පොලිස් බලය යෙදවීමට තීරණය කළේය. මේ හේතුවෙන් පෙරේදා පදික වෙළඳුන් ඇතුළු විශාල පිරිසක් සරත් වීරසේකරට එරෙහිව විරෝධතාවයක් කළහ . විරෝධතාව පි‍ටුපස සිටියේ දේශප්‍රේමයේ සිංහ හම පොරවාගෙන සිටින දිනේෂ් සහ විමල්ය.

කෙසේ වුවද වහාම අනවසර වෙළඳසැල් කඩ කාමර ඉවත්කරන්නැයි පොලිසිය බාර ඇමති සරත් වීරසේකර, මහරගම පොලිස් ස්ථානාධිපතිවරයාට ලබාදී ඇති නියෝගය මෙතෙක් ක්‍රියාත්මක වී නැත. ඒ ‘දිනේෂ් -විමල්’ කණ්ඩායමේ බලපෑම නිසාය. නියෝගය අනුව වැඩ නොකිරීම නිසා මහරගම පොලිසියේ ස්ථානාධිපතිව මාරු කිරීමට අමාත්‍ය සරත් වීරසේකර මේවනවිට කටයුතු යොදා ඇතැයි ද වාර්තාවේ.  

මහරගම දේශපාලන බලය අත්කර ගෙනසිටින කොඩිකාරලා, විමල්, දිනේෂ් අවස්ථවාදි ලෙස  සරත් වීරසේකරට එරෙහිව පාරට බැස ඇත. ඒ කඩන්න කියා ඇති කඩ කාමර හා වෙළඳ සැල් ආණ්ඩුවේ ආධාරකරුවන්ගේ බව කියමිනි.

කෙසේ වුවද ප‍ටු දේශපාලන වාසි නොබලා මහරගම සංවර්ධනය යුගයේ අවශ්‍යතාවයකි .ඊට සහයෝගය දීම සැබෑ දේශප්‍රේමියෙකුගේ යුතු කම වෙයි.

දිනෙෂ්ලා , විමල්ලා වැනි දේශප්‍රේමීන් පොල් පිත්තෙන් කපා ගත හැකි බව මහරගම සිදුවීම් හරහා යලි සනාථ වී ඇත

මහරගම සංවර්ධනය වෙනුවෙන් පෙරමුණ ගෙන සිටින සරත් වීරසේකරට අපගේ උපහාරය