62 ලක්ෂයක හදවත් පලා ලුණු දැමූ සිරිසේන-නන්දසේන ආදර අන්දරය

62 ලක්ෂයක හදවත් පලා ලුණු දැමූ සිරිසේන-නන්දසේන ආදර අන්දරය image 71

සිරිසේන ජනාධිපති ධුරය දරන කාලය තුළදී පෙළොන්නරුව දිස්ත්‍රික්කයේ බිසෝපුර, වෙඩික්කච්චි ගම්මානයේ දරුවන්ට ඉගෙනීමට හැදූ පාසල විවෘත කිරීම වත්මන් ජනාධිපතිගේ ගම සමග පිළිසදරක් වැඩසටහන සමග ඊයේ දින (16) සිදු විය

මෙම උත්සවය සදහා සිරිසේනට ද ඇරයුම් ලැබී තිබු අතර එය පිළිගෙන ඔහු එම ස්ථානයට ගොස් ගොස් තිබුණි. පාසැල විවෘත කිරීම නියමිතව තිබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුරතින් වුවත් ” හදපු කෙනාම මෙය විවෘත කරන්න” යැයි ගෝඨා සිරිසේනට අවස්ථාව දුන්නේය.

නමුත් පෑලියගොඩ නව මැනිං වෙළෙඳ සංකීර්ණය, හොරණ ටයර් කම්හල වැනි ව්‍යපෘති / ගොඩනැගිලි සියල්ල ආරම්භ කළේ එජාප රජය විසිනි. ඒවා විවෘත්ත කිරීමට ගෝඨා ගිය අතර එහිදී ” හදපු කෙනාම මෙය විවෘත කරන්න” කියා කීවේ නැත.අඩුම තරමින් එජාප නියොජිතයෙකුට ආරාධනාවක් වත් කළේ නැත

” හදපු කෙනාම මෙය විවෘත කරන්න” යැයි ගෝඨා කී කථාවෙන් ගම්‍ය වන්නේ අන්කිසිවක් නොව නන්දසේන – සිරිසේන ‍ෆිට් එකේ ගැඹුරය.

දිගන කෝලාහලය , නාමල් කුමාර නාටකය , පාස්කු ප්‍රහාරය වැනි ගෝනිසෙල්ලම් ගෝඨා බලයට ගෙන ඒමට උදව් විය. මෙම ඡායාරූපය බැලීමෙන් එම ගෝනිසෙල්ලම් පි‍ටුපස සිටි අදෘෂ්‍යමාන හස්තය ගැන අදහසක් ගත හැක