වරාය වෘත්තීය සමිති චීනයෙන් අල්ලස් ගත්තාද පිළිබදව පරීක්ෂණ ඇරඹෙයි , විමල් වීරවංශ සහ ගම්මන්පිල අවධානම් කළාපයේ

වරාය වෘත්තීය සමිති චීනයෙන් අල්ලස් ගත්තාද පිළිබදව පරීක්ෂණ ඇරඹෙයි , විමල් වීරවංශ  සහ ගම්මන්පිල අවධානම් කළාපයේ image 75

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදවා වෘත්තීය සමිති නායකයන් කිහිප දෙනෙක් දඩයම් කිරීම සඳහා ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බවත් ඔවුන් අත්අඩංගුවට ගෙන සිරගත කිරීමටත්, ඉන්පසු වරාය අධිකාරියෙන් ඉවත් කිරීමටත් වන සැලැස්මක් පවතින බව විමල් වීරවංශගේ ලංකා ලීඩ් නිවුස් වාර්තා කොට ඇත

නැගෙනහිර පර්යන්තය විකිණීමට එරෙහි වෘත්තිය සමිති අරගලය වරාය සේවකයන් බියවද්දා කඩාකප්පල් කිරීම ආණ්ඩුවේ අරමුණ බව එම වෙබ් අඩවිය වාර්තා කොට ඇත.කෙසේ වුවද අපට වාර්තා වන පරිදි ඇත්ත කථාව වෙන එකකි. චීන ආයතනයක් විසින් වරාය වෘත්තිය සමිති නායකයන් 30 කට වැඩි ප්‍රමාණයකට මුදල් සන්තොසම් ලබා දීමක් පිළිබදව පරීක්ෂණයක් කිරීමට නියමිතය.

යම්හෙයකින් වෘත්තීය සමිති නායකයන්ට අදාල මුදල් ලැබුන මාර්ග හෙලිදරව් කළ නොහැකි වුවහොත් මුදල් විශුද්ධිකරණය යටතේ අත් අඩංගුවට ගැනීමට නියමිතය . කරුණු එසේ හෙයින් පසුගිය කාලයේ චීනයේ ‍ටුවර් ගැසු සහ චීනයෙන් ජරාව කෑ පුද්ගලයන් මේ වන විට ගලේ පැහැරූ බලලුන් මෙන් අසරණව සිටියි.

විමල් වීරවංශ සහ ගම්මන්පිල චීනයට රෙදි නැතිව කඩේ යන දෙදෙනෙකි. විමල් වීරවංශගේ බැංකු ගිණුම් සහ ආදායම් වියදම් මේ වන විටත් විමර්ශනයට ලක්වෙමින් පවතියි. විමල් වීරවංශ පසුගිය පාර්ලීමේන්තු මැතිවරණයට කෝටි 100 කට ආසන්න මුදලක් වැය කොට ඇත . මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවතින්නේ සරත් වීරසේකර යටතේය

.