
ඓතිහාසික දෙවනගල රජ මහා විහාරයට අයත් දෙවනගල පර්වතය වටා ඇති විහාරස්ථානයට අයත් අඩි 1200ක ප්‍රේරණ කලාපය වෙනුවට අඩි 20ක ප්‍රේරණ කලාපයක් වෙන්කරන ලෙස සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව නියෝග කර දී තිබේ.
සති තුනක් ඇතුළත මෙම අඩි විස්සේ ප්‍රේරණ කලාපය මැන අවසන් කරන ලෙස ආණ්ඩුකාරවරයා මිනින්දෝරු දෙපාර්තමේන්තුවට නියෝග කර ඇති අතර එම අඩි විස්සේ ප්‍රේරණ කලාපයට ඇතුළු වන නිවාස 20 ද ඉවත් නොකිරීමට නියෝග කොට ඇත. (එනම් ආක්රමනිකයා රැකීමට)
වසර ගණනාවක් තිස්සේ දෙවනගල පුදබිමේ පුරාවස්තු විනාශ කරමින් විහාරස්ථානය සතු ඉඩම් අන්‍යාගමික කොටස් ඩැහැ ගනිමින් ඇති අතර මෙම නියෝගය සමඟ විහාරස්ථානයට අයත් ප්‍රේරණ කලාපය ද අහිමි වීමේ තර්ජනයක් මතුව ඇත.
මෙම විහාරස්ථානයට අයත් භූමිය අයිති ස්වාමීන් වහන්සේලාට නොව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බව ආණ්ඩුකාරවරයා පවසා ඇත. එසේ පැවසූයේ ඊයේ (18) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවක දී ය.
එම දිනම මුස්ලිම් ජාතිකයෙකු බැකෝ යත්රනයක් යොදා ගනිමින් අඩි 20 ප්‍රේරණ කලාපය ඩොසර් කරන අයිරු හිරු නාලිකාවේ විකාශය විය