
මත්කුඩු ජාවාරමක නිරත වූ අනුරාධපුර පොලිසියේ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චින්තක කෝරලේගෙදර නමැත්තා රුපියල් ලක්ෂ 10 ක පමණ වටිනාකමකින් යුත් හෙරොයින් සමග අනුරාධපුර පොලිසිය මගින් ඊයේ (18දා) අත්අඩංගුවට ගෙන ඇත.
අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව මහානාම විසින් මෙකී දුෂිත පොලිස් පරීක්ෂකවරයා අත් අඩංගුවට ගෙන ඇත
තක්කඩි පොලිස් පරීක්ෂකවරයා සන්තකයේ තිබූ කුඩා ප්‍රමාණයේ හෙරොයින් මත්කුඩු පැකට් 64 ක්, විශාල ප්‍රමාණයේ මත්කුඩු පැකට් 13 ක් ‘ඊෂි කෑෂ් ක්‍රමයට මත්කුඩු අලෙවියට භාවිත කළ සිම්පත් සහිත ජංගම දුරකථන 10ක්, තවත් ජංගම දුරකථන සිම්පත් 12ක්, රියැදුරු බලපත් 02 ක්, විවිධ පුද්ගලයන්ගේ පුරවැසි හැඳුනුම්පත් 05ක්, බැංකු කාඞ්පත් 02 ක් සහ මත්ද්‍රව්‍ය අලෙවිය සඳහා භාවිත කළ යතුරුපැදියක් පොලිස් භාරයට ගෙන ඇත.
වැටත් නියරත් ගොයම් කන සමයක රට ජාතිය රැකීමට නීතිය ක්‍රියාත්මක කළ අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව මහානාමට අපගේ ප්‍රණාමය.