එක රටක නීති දෙකක්, මැදපෙරදිග දහස් ගණනක් මහ පාරේ, 21 දා සිට සංචාරකයනට රට විවෘත්තයි !

ලබන බ්‍රහස්පතින්දා සිට (21) සංචාරකයන්ට රට විවෘත කිරීමට සියල්ල සූදානම් බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළේය. ජනමාධ්‍ය අමාත්‍යංශයේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවැති සාකච්ඡාවකදී ඇමතිවරයා මේ බව සඳහන් කලේය.

සංචාරකයන් පැමිණීමට පැය 72කට පෙර පී.සී.ආර්. පරීක්ෂාවකට ලක්විය යුතු අතර එම පරීක්ෂණයෙන් කොවිඩ්  ආසාධිත නොවන අයට මෙරටට පැමිණීමට ඉඩ ලැබෙයි.පැමිණෙනු සංචාරකයින්ට හෝටල් ගතවීමට පෙර තවත් පී.සී.ආර්.පරීක්ෂණයක් කෙරෙයි.හොටල් ගතවී දින 5-7ත් අතර කාලයේදී තවත් පී.සී.ආර් පරීක්ෂාවකට ලක්කෙරෙන අතර ඉන් පසු සංචාරය කිරීමට අවස්ථාව ලැබෙයි.

නමුත් විදේශ ශ්‍රමිකයන් ලංකාවට පැමිනේන විට අනුගමනය කළේ මෙම නීතිය නොවේ.

  • ශ්‍රමිකයන්ට ලංකාවේ තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන් ගුවන් යානයට නැගීමට පෙර පී.සී.ආර් පරීක්ෂණයක් සිදු කෙරිණි. නමුත් සංචාරකයන් ගෙන්වීමේදී PCR වාර්තාව ගැන තානාපති අධීක්ෂණයක් නැත
  • සංචාරකයන් හොටල් ගත වී දින පහකින් PCR කරන අතර කොරෝනා නෙගටිව් අයට ඉන් පසු සංචාරය කළ හැක . නමුත් විදේශ ශ්‍රමිකයන්ට දින 14 ක් යන තෙක් හෝටලයේ ජනේලයක්වත් ඇරිය නොහැක
  • තරු 3 හොටල් කාමර වල විදේශ ශ්‍රමිකයන්ගෙන් දෙදෙනෙකු ‍රැදවූ අතර එක් අයෙකුගෙන් දිනකට රු 15000 පමන අය කළේය .එනම් තරු 3 හෝටල් කාමරයකින් විදේශ ශ්‍රමිකයන්ගෙන් දිනකට රු 30000 ක් වැනි හෙන ගහන මුදලක් අය කොට ඇත . නමුත් සංචාරකයෙකුට තරු 3 හෝටල් කාමරයක් ලබා දෙන්නේ රු 12000 වැනි මුදලකටය

ගෝඨාණ්ඩුව මේ ආකාරයෙන් සංචාරකයන් ගෙන්වන විට මැදපෙරදිග අන්ත අසරණ වූ 40000 ක් පමන ශ්‍රමිකයන් ලංකාවට ඒමට නොහැකිව බලා සිටියි. මීට දින 2 කට පෙර ජොර්දානයේ සිර වූ බිරිද ගෙන්වාදෙන ලෙස ඉල්ලමින් ලංකාවේ තරුණයෙකු අඩි 100 විදුලු කුළුණක් උඩ නැග උපවාසයක්ද කළේය