
ලංකා බැංකුව විසින් රුපියල් බිලියන තුනක ඉක්මවූ ණය මුදලක් ආණ්ඩුවේ හිතවත් ව්‍යාපාරිකයෙකුගේ සමාගමකට ලබාදී ඇත. ලක්ෂ 31500 නොහොත් ඉතිහාසයේ දැවැන්තම ණය මුදල ලබාදී ඇත්තේ අයවැයෙන් සිගරට් මිල ඉහල යන නිසා අඩු මුදලට සිගරට් මිලදී ගෙන ඒවා එක් රැස් කර ගැනීමටය.
එනම් මෙදී සිදු වී ඇත්තේ රජයට යා යුතු මුදල ව්‍යාපාරිකයා සතු කරගැනීමට උදව් කිරීමය.
පසුගිය කාලයෙදී සජිත් ප්‍රේමදාස බැදුම්කරයක් ගැන කියවමින් තමන්ගේම පක්ෂයට චෝදනා කළේය . නමුත් සජිත් ගෝඨාණ්ඩුව සිදු කරන භාන්ඩාගර කොල්ලය ගැන මුනිවත රකියි.
සීනි මිල වැඩිකිරීමෙන් කෝටි 1200 ක් ගෝඨාභයට හිතවත් ව්‍යාපාරිකයෙකු විසින් කොල්ල කා ඇති බව සාක්ෂි සහිතව හෙළිදරව් විය .දැන් සිගරට් ජාවරමක් ගැන හෙළිදරව් වී ඇත . මේ ආකාරයේම පොල් තෙල් ජාවාරමක් ගැනද හෙළි විය
නමුත් ඒවා පිළිබදව සෙවීමට ගෝඨා ජනාධිපති කොමිෂන් පත් කළේ නැත. විෂය භාර ඇමතිගේ ඇමති පට්ටම ගැලවූයේ නැත . ව්‍යාපාරිකයාගේ බැංකු ගිණුම් අත්හිටවූයේ නැත. ලංකා බැංකු අධිපති එලවා දැමුවේ නැත .
විපක්ෂය මේවා ගැන හඩක් නගන්නේද නැත. සැබැවින්ම සජිත්ට වඩා හොද විපක්ෂ නායකයෙකු පොල් පිත්තෙන් කපා ගත හැකිය