ගෝඨාට විරුද්ධව උද්ඝෝෂණය කරන්න මහින්ද උපදෙස් දීලා-නන්දසේන මරණ තුනක් උඩ පැණි කයි

ගෝඨාට  විරුද්ධව උද්ඝෝෂණය කරන්න මහින්ද උපදෙස් දීලා-නන්දසේන මරණ තුනක් උඩ පැණි කයි image 86

අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ නැගෙනහිර පර්යන්ත ගිවිසුමට සම්පූර්ණ විරුද්ධව බවත් ඉන්දියාවට එරෙහිව උද්ඝෝෂණ කරන ලෙස වෘත්තිය සමිති වලට උපදෙස් දුන් බවත් වරායේ ක්‍රියාත්මක සේවක සංගම් නායකයෙකු ප්‍රකාශ කරයි

නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමක් සමඟ හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරන්න සූදානම් වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර බවද මොහු සදහන් කළේය

මේම තීන්දුවට කැබිනට් ඇමතිවරු පිරිසක් විරුද්ධ බවද මෙය ආණ්ඩුව දෙකඩ පොටක් බව ඔහු කීවේය . මේ සම්බන්ධ වන කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන්නැයි තමන් අභියෝග කරන බවත් ගෝඨාභය කොළඹ වරායද ඉන්දියාවට දුන් දවසට ආණ්ඩුව අවසන් යයිද කීවේය

සේවක සංගමයේ සභාපතිවරයා සහ ප්‍රධාන ලේකම්වරයා අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්චාවකට එක්වෙමින් එම අදහස් පළ කළහ.

කෙසේ වුවද වරාය සේවක සංගම් සහ දේශපාලකයන් චීනයෙන් මුදල් අල්ලස් ගෙන ඇති බවට සොයාගෙන ඇති අතර ඒ පිළිබදව පරීක්ෂණ ආරම්භ කොට ඇත