
ශ්‍රී ලංකාව පාවා දුන් නායකයන් බලයට ගෙන ඒමට වෙහෙස වූ අයෙක් ලෙස ඉතිහාසයේ තම නම ලියැවෙනවාට අකමැති බව මැදගොඩ අභයතිස්ස හිමි සදහන් කළේය.උන්වහන්සේ මේ ආන්දෝලනාතමක කඨාව කළේ කොළඹද පැවති සම්මන්ත්‍රණයක් අමතමින්ය.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ප්රශ්නය මෙරට ජනතාවගේ ඉරණම තීරණය කරන ප්‍රශ්නයක් යැයි ද උන්වහන්සේ සඳහන් කළහ.
ඉතිහාසයේ මෙරට ජාතික වීරයන් ලෙස නම් ලියවුනේ රට පාවා දුන් හෝ යටත් වූ අය නොව රට ආරක්ෂා කල අය බවද උන්වහන්සේ පැවසූහ.
මැදගොඩ අබේතිස්ස හිමි චීනයෙන් මුදල් උපකාර ඇතුළු වරප්‍රසාද ගණනාවක් ලබා ගත අයෙකි. ඒ පිලිබද ලිපිගොණුවක් අපරාධ පරීෂණ දෙපාර්තමේන්තුව සතුය.
ගෝඨාබය රට පාවදීම එක කථාවකි. නමුත් මැද ගොඩ හිමිගේ මුවින් පිටවන්නේ දේශප්‍රේමය නොව පගාව සහ ජරාව බව බත්කන මිනිසුන්ට තේරුම ගැනීම අපහසු නැත