බෝම්බ ඊබ්‍රහීම්ගේ සගයන් නිදහස් කළේ මම නොවේ, ඒ පිලිබදව විමසිය යුත්තේ අලි සබ්‍රිගෙන් – සරත් වීරසේකර කාදිනල් හිමිට කියයි

බෝම්බ ඊබ්‍රහීම්ගේ සගයන් නිදහස් කළේ මම නොවේ, ඒ පිලිබදව විමසිය යුත්තේ අලි සබ්‍රිගෙන් – සරත් වීරසේකර කාදිනල් හිමිට කියයි image 88

පාස්කු බෝම්බකරුවකු වන මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්සාෆ්ගේ වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාවේ සේවකයන් දසදෙනා නිදහස් කළ ආකාරය පිළිබඳ දැනගැනීම සඳහා අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර අගරදගුරු නිල නිවසට කැඳවා කරුණු විමසා ඇත

තවද, මාධ්‍ය සංදර්ශන මිස පාස්කු ප්‍රහාරයට වගකිවයුතු කිසිවෙක් නැති පසු බිමක ඊබ්‍රාහිම්ගේ කම්හලේ සේවකයන් නිදහස් වීමත් සමග තමන්ට කතෝලික ප්‍රජාවට මුහුණදිය නොහැකි තත්ත්වයක් ඇතිවන බවත් කාදිනල්වරයා කියා ඇත.

සැකකරුවන් නිදහස් කිරීමට තමන් කිසිසේත්ම සම්බන්ධ නැති බවත් ඒ පිලිබදව ප්‍රශ්න කල යුත්තේ අධිකරණ ඇමතිගෙන් බව සරත් වීරසේකර කාදිනල් හිමිපානන්ට පෙන්වා දී ඇත

මෙම විමර්ශනවලදී සාක්ෂි නිසියාකාරව හසුරුවනවාද යන්න ගැන විමසිලිමත් වන්නැයි කාදිනල්වරයා ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. විශේෂයෙන් වත්මන් අධිකරණ ඇමතිගේ හැරිසීම සැක කටයුතු බව ප්‍රකාශ කොට ඇත.

බෝමබ ඊබ්‍රහීම්ගේ සගයන් නිදහස් කිරීමට තමන්ගේ අමත්‍යංශය සම්බන්ධ බවට ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් බලවේග විසින් ප්‍රචාරයන් ගෙන යන බවත් ඒවා දේශපාලන අඳබාලයින්ගේ කුමන්ත්‍රණ බව සරත් වීරසේකර කාදිනල් හිමිට පෙන්වා දී ඇත.

.