
ගල් අඟුරු ගෙන්වීමෙන් මහා පරිමාණ වංචාවකට සූදානම් වන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්රී චම්පික රණවක සඳහන් කරයි.
රුපියල් ලක්ෂ 17,000 කම වංචාවක් මෙමගින් සිදු කිරීමට සූදානම් වී ඇතැයි ඔහු පෙන්වා දෙයි.
ගල් අඟුරු ටොන් එකක් ඩොලර් 59 ක ට මිලට ගත හැකිව තිබේ දී ඩොලර් 90කට මිලදී ගැනීමට සූදානමක් ඇතැයි ද චම්පික පවසයි.
තම සමාජ ජාල ගිණුමේ වීඩියෝවක් මුදාහරිමින් ද ඔහු මෙම අදහස් පළ කර තිබේ.