වෛද්‍ය වරයාට පහරදීම කාලි මෑනියන්ගේ වැඩක්, පැණි ධම්මික පොලීසියට කියයි

වෛද්‍ය වරයාට පහරදීම කාලි මෑනියන්ගේ වැඩක්,  පැණි ධම්මික පොලීසියට කියයි image 91

වෛද්‍ය වරයාට දේවාලය තුලදී පහර දුන් බව සත්‍ය නමුදු එසේ පහර දුන්නේ තමා නොවන බව පැණි ධම්මික ප්‍රකාශ කොට ඇත . දන්ත වෛද්‍යවරයාට පහර දුන්නේ කාලි මෑනියන්ගේ ආරූඩය බව ඊයේ (23)කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයේදී පැවැති පැමිනිළි විභාගයේදී ප්‍රකාශ කොට ඇත

කාලි මෑනියන් ආරූඩ වීම නිසා වෛද්‍යවරයාට පහරදුන් බවත් බලහත්කාරයෙන් වෛද්‍යවරයා ලවා තමාට අවැසි ලෙස වීඩියෝවක් ලබා ගත් බවත් ධම්මික බණ්ඩාර පොලීසියේදී ප්‍රකාෂ කොට ඇත

මෙලෙස ධම්මික බණ්ඩාරගෙන් පහර කා තිබුණේ පේරාදෙණිය රෝහලේ දන්ත වෛද්‍ය එස්.ඒ.ආර්. මද්දුමබණ්ඩාරය.

පසුගියදා ධම්මික බණ්ඩාරගේ නිවසට ගිය අවස්ථාවේදී තමන්ට ඔහු පහරදුන් බවට ද මෙම දන්ත වෛද්‍යවරයා පේරාදෙණිය පොලීසියට පැමිණිල්ලක් කර තිබිණ.

මෙහිදී සිදුකළ වරදවල්වලට ධම්මික බණ්ඩාර මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධියේ සමාව ගන්නා බවට ප්‍රකාශ කිරීම නිසා පැමිණිල්ල සමථයකට පත් කිරීමට කටයුතු කළ බව පහර කෑමට ලක්වූ වෛද්‍යවරයා සඳහන් කළේය.

සමථයකට පත්වීමෙන් අනතුරුව ධම්මික බණ්ඩාර විසින් මාධ්‍යයට අදහස් නොදක්වා තමාගේ සුඛෝපභෝගී ප්‍රාඩෝ වර්ගයේ මෝටර් රථයෙන් පොලීසියෙන් පිටව ගිය ආකාරයක් දැකගන්නට ලැබිණ.