මහින්ද යට ඇඳුමින් කථා කරන අජිත් ප්‍රසන්නගේ නාස් ලණුව විමල් අතේ

මහින්ද යට ඇඳුමින් කථා කරන අජිත් ප්‍රසන්නගේ නාස් ලණුව  විමල් අතේ image 94

උසාවියට අපහාස කිරීම සම්බන්දව වසරකට ආසන්න කාලයක් බන්ධනාගර ගත සිටි අජිත් ප්‍රසන්න මේ වන විට ඇප පිට නිදහස් වී ඇත .ලාංකීය දේශපාලනය තුල අජිත් ප්‍රසන්න යනු එදා වේල පඩියට කඩේ යවන අයෙකි . දේශපාලන පක්ෂයකට හෝ සංවිධානයකට බඳවා ගැනීමට කිසිවෙකු කැමති නැත . මක්නිසාදයත් ඔහුගේ හැසිරීම වළං කඩයට පැනපු ගොනාට දෙවෙනි නොවන නිසාය .

බන්ධනාගාරයෙන් එලියට ආ අජිත් ප්‍රසන්න තව නොබෝ දිනකින් පැරණි පුරුදු වෘත්තියට බැසීම කිසිවෙකුට වැලක්විය නොහැක .මේවන විට පොහොට්‍ටුව පැහැදිළිවම දෙපිලකට බෙදී ඇත . එනම්

  1. වරාය ඉන්දියාවට විකුනන බැසිල්- ගෝඨා පිල
  2. චින අල්ල්ස් වලින් දුවන මහින්දගේ පිල ලෙසිනි

ඉදිරියේදී වරාය විකුනන පිලට එරෙහිව අජිත් ප්‍රසන්න යොදා ගැනීමට මහින්දගේ පිල සැලසුම් කොට ඇත. අජිත් ප්‍රසන්න ඊයේ චමුදිත සමග සංවාදයකට එක් වෙමින් මහින්ද යට ඇඳුමෙන් තමා සමග කථා කරනවා කීවේය. එය බැසිල්- ගෝඨා පිලට දුන් සංඥාවකි

කරුනු එසේ හෙයින් බන්ධනාගාරයෙන් එළියට පැමිනි අජිත් ප්‍රසන්නගේ නාස් ලණුව කවුරුන් අතේ පවතින්නේද යන්න පිළිබදව බැසිල් රාජපක්ෂ සොයා බලා ඇත. එය විමල් වීරවංශ සතු බව බැසිල්ට වාර්තා වී ඇත. එය වාර්තා වීමෙන් පසු ගොනා පමනක් නොව හාම්පුතාගේ ලිපිගොණුවත් තමා සතු බව බැසිල් ප්‍රකාශ කොට ඇත .