
කොළඹ වරායේ නැගෙනහිර ජැටියෙන් කොටස් ප්රමාණයක් ඉන්දියාවට ලබාදීමේ සූදානම් සම්බන්ධයෙන් පසුගිය 21 වනදා නාරාහේන්පිට අභයාරාමයේදී භික්ෂූන් කිහිප දෙනෙකු අදහස් දැක්වූහ . එම භික්ෂුන් වහන්සේලා අතරින් මැදගොඩ අභයතිස්ස හිමි කෙස් කෙලින් කරන කථාවක් කීවේය. වරාය වෙනුවෙන් ඉන්දියාව ඉල්ලන්නේ ලේ බිල්ලක් නම් එම ලේ බිල්ල ලබාදෙන නමුත් වරාය නොදෙන බව කීවේය
ලේ බිල්ලක් දීමට යන මැදගොඩ අභයතිස්ස හිමි ඇතුළු පිරිස නිවන් මග වැඩීම පසෙක තබා දේශපාලනය කරන පිරිසකි. පැහැදිලිවම ගෞතම බුදුන්ගේ සාසනයේ නොවන වෙනත් සාසනයක පිරිසකි.
නිවන් මග පසෙක තැබූ ඔවුන්ට නැගෙනහිර ජැටිය නොව ශ්රී ලංකාවේ සියලුම වරායන් ඉන්දියාවට දුන්නත් කම් නැත , නමුත් මෙහිදී කරන්නේ කිසිවෙකුගේ කොන්ත්රාත්තුවක් ඉටු කිරීමකි. චිනයෙන් මුදල් ලබා ගැනීම සම්බන්ධව මැදගොඩ අබේතිස්ස හිමිට මේ වන විටත් චෝදනාවක් ඇත. කරුණු එසේ හෙයින් මැදගොඩ හිමි ඉටු කරන්නේ චීන කොන්ත්රාතුව බව වටහා ගැනීම අපහසු නැත.
\