PCR නෙගටිව් විදේශ ශ්‍රමිකයන්ගෙන් ලක්ෂ 2ක් ගසා කෑ නන්දසේන කොරෝනා රෝගීන් නිවෙස් වලම ‍රැඳ වීමට යයි

PCR නෙගටිව් විදේශ  ශ්‍රමිකයන්ගෙන් ලක්ෂ 2ක් ගසා කෑ නන්දසේන කොරෝනා රෝගීන් නිවෙස් වලම ‍රැඳ වීමට යයි image 25

නීරෝධායනයට යන වියදම රජයට දැරිය නොහැකි බවත් කොරෝනා වැලදුණු පිරිස් සිය නිවසේ නිරෝධායනය වීමට අවස්ථාව සලසා දිය යුතු බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා ඊයේ ප්‍රකාශ කළේය

දැන් ආණ්ඩුව කියන්නේ කොරෝනා වැළදුන අය රෝහල් ගත කිරීමේ වියදම ‍දරාගත නොහැකි බවය.

කොරෝනා පොසිටිව් උන් වෙනුවෙන් වියදම් කළ නොහැකිය කියන නන්දසේන, PCR දෙකකින් නොරෝනා වැළදී නැති බව තහවුරු වූ විදේශ ශ්‍රමිකයන් හෝටල් වල රදවා හෝටල් බිල ලෙස ලක්ෂ 2 ක් පමන අය කළේය. එය ජාවාරමක් ලෙස කරගෙන යාමට දිලිත් ජයවීර ඇතුලු ව්‍යාපාරික කල්ලියට ඉඩ දුන්නේය . එය තවමත් සිදු වෙයි.

ලෝකයේ අන් සියලුම රටවල විදේශ ශ්‍රමිකයන් කඩිනමින් ගෙන්වා ගත්හ . නමුත් ගෝඨාණ්ඩුව පමනක් ගුවන්තො‍ටුපොල වසා අසරණ ශ්‍රමිකයන් අනාථ කළේය.

ගෝඨාණ්ඩුව අසරණ කල අපේ අම්මලා දහස් ගණනක් ගණිකා වෘත්තිය වැ‍ටුනි. ඕමානයේ මවක් සිය මුහුනද සමගින් වීඩියෝවක් නිකුත් කරමින තමන් ඇතුළු සිය ගණනක් ගණිකා වෘත්තියෙන් බේරා ගන්නනා ලෙස ගෝඨාභයගෙන් ඉල්ලා සිටියහ. නමුත් ගෝඨා ප්‍රතිචාර දැක්වූයේ නැත . හෝටල් නිරෝධායන ජාවාරම දිගටම කරගෙන ගියේය

නිරෝධායනය කරන මුවාවෙන් විදේශ ශ්‍රමිකයන්ගෙන් ලක්ෂ 2 ක් පමන ගසා කෑම හෙන ගහන අපරාදයකි. රට ආරක්ෂා කරන මුවාවෙන් නන්දසේන කළේ මහා ජාවාරමක් බව දැන් සක්සුදක් සේ පැහැදිලිය . නන්දසේන කොතරම් දුෂ්ඨ පාලකයෙක්ද යන්න වටහා ගැනීමට මේ ටිකම සෑහෙයි