
සාමාන්‍ය ජනතාව පමණක් නොව තමන් ද පසුවන්නේ දැඩි කලකිරීමෙන් යැයි ද ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකු පොදුජන පෙරමුණේ ආසන බල මණ්ඩල රැස්වීමක් අමතමින් ප්‍රකාශ කළ බව බැසිල්ගේ වෙබ් අඩවිය වන ලංකා සී නිවුස් වාර්තා කොට ඇත . නමුත් එම දේශපාලකයාගේ නම සදහන් කොට නැත. එම දේශපාලකයා ඩලස් අලහප්පෙරුමය.
ඩලස්ගේ අමාතංශයට මෙවර අයවැයෙන් වෙන් කොට ඇත්තේ රු කෝටි 26 පමනි.මීට පෙර විදුලි බල ආමාතංශය යනු බිලියන ගණකින් මුදල් වෙන් කළ අමාතංශයකි. නමුත් රාජපක්ෂලා දැන් ඩලස්ට කොන්ඩම් තියරිය ඇප්ලයි කොට ඇත . පල නොකියා පලා බෙදා ඇත
විදුලිබල අමාතංශය යනු රටක කොදු නාරටිය වෙයි. වැඩි වන බල ශක්ති අවශ්‍යතාව සලකා සෑම වසරකම පෙර වසරේ වෙන් කළ මුදල් ප්‍රමාණයට වඩා 8% ක් ඊලග වසරේ වෙන් කළ යුතුය .
නමුත් ඩලස්ගේ අමාතංශයට වෙන් කොට ඇත්තේ පෙර වසරේ වෙන් කල මුදල් ප්‍රමාණයට සාපේක්ෂව 71 % කර ආසන්න අඩු මුදලකි.එය අමාත්‍යංශයේ වාහන වලට ඩීසල් ගැසීමටවත් ප්‍රමාණවත් නැත