කොරෝනා ඇත්ත තත්වය මෙයද ?

කොරෝනා අසාධ්‍ය වී අයිඩීඑච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඊයේ(29) උදෑසන ඇතුලත් කළ සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රාදේවී වන්නිආරච්චි රෝහලේ පහසුකම් මදි යැයි කියා හුස්ම ගැනීම පහසුකරවන වෙන්ටිලේටර් මැෂිමක්ද රැගෙන, නර්ස්ලාත් රැගෙන සිය නිවස වෙත ගොස් ඇතැයි අපූරු පුවතක් ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ. 

ඇය සිය නිවස වෙත ගොස් ඇත්තේ ඊයේ සවස ය. නර්ස්ලා පිරිසක් දිවා රාත්‍රී ඇයගේ නිවසේ සිට ප්‍රතිකාර කරන අතර වෛද්‍යවරු වරින් වර ඇයගේ නිවසට විත් රෝගී තත්ත්වය පරීක්ෂා කර ප්‍රතිකාර නියම කරති.  

රෝහලක දැඩි සත්කාර ඒකකයක තිබෙන වෛද්‍ය උපකරණ ගලවාගෙන රෝගියෙකුගේ නිවසකට රැගෙන ගිය ප්‍රථම අවස්ථාව මෙය බව වෛද්‍යවරු පවසති. 

මේ රටේ ජනාධිපතිවරයා සිය හෘද රෝගී තත්ත්වයට ප්‍රතිකාර ලබා ගැනීමට යන්නේ රටේ රෝහලකට නොව සිංගප්පූරුවට ය. දැන් සෞඛ්‍ය ඇමැතිවරිය වසංගත රෝග සඳහා රටේ තිබෙන හොඳම රෝහලේ පහසුකම් මදි යැයි කියා වෛද්‍ය උපකරණ ද ගලවාගෙන නිවසට යන්නී ය. අහිසංක රෝගීන් රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ගත යුතුය. 

කොරෝනා මරණ ගැන සහ රජයේ රෝහල් වල තත්ත්වය ගැන ආණ්ඩුව කියන්නේ ද පට්ට පල් බොරු බව ලංකා ඊ නිව්ස් වෙත අමතන රෝහල් වල රාජකාරි කරන වෛද්‍යවරුම කියා සිටිති. කරාපිටිය රෝහලේ දිනකට කොරෝනා රෝගීන් 6-7 ක් මිය යන බවත් රත්නපුර රෝහලේ දිනයකට කොරෝනා රෝගීන් 4-5 ක් මිය යන බව වෛද්‍යවරු කියා සිටිති. එපමනක් නොව රජයේ රෝහල් මේ වන විට රෝගීන්ගෙන් උතුරා ගොස් තිබේ. එනිසාම කොරෝනා රෝගියෙකු රෝහලක නවතා ගන්නේ දින 5 ක් පමණි. ඉන්පසුව බලයෙන්ම ටිකට් කපා ඔවුන් නිවසට යවති.  ආණ්ඩුවේ පච මෝල් දිනකට අච්චරක් මෙච්චරක් සුවය ලබා පිටත්ව ගිය බව ප්‍රචාරය කරති

ලංකා ඊ නිවුස් උපුටා ගැනීමකි

Add Comment