තිස්ස දුවගේ පත්වීම අවුලක් නෑ, සජිත් කියයි

තිස්ස දුවගේ පත්වීම අවුලක් නෑ, සජිත් කියයි image 100

මේ වන විට ගෝඨාණ්ඩුව, එජාප රජය විදේශ දූත කටයුතු සදහා කළ පත්වීම් සියල්ල අවලංගු කොට ඇත. අදාල පුරප්පාඩු රාජපක්ෂ පවුලේ ඥාතීන් සහ හිතවතුන්ට වෙන් කොට ඇත. එවන් පසුබිමක සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායකගේ දියනියට විදේශ සේවයේ ඉහලම තනතුරක් ලැබී ඇත. මේ පිළිබදව විපක්ෂයේ මන්ත්‍රීන් අතර විශාල කසුකුසුවක් හට ගෙන ඇත.

විපක්ෂයේ තරුණ මන්ත්‍රීන් මේ පිලිබදව සජිත් ප්‍රේමදාසට කරුණු දන්වා ඇත. මෙය ඩීල් එකක් ලෙස පාක්ෂිකයා අතරට ගිය හොත් සජබ පදනම දෙදරා යන බව ඔවුන් සජිත්ට පෙන්වා දී ඇත.

නමුත් සජිත් එහිදී කියා ඇත්තේ වෙන කථාවකි. තිස්සගේ දියනිය තමා අධ්‍යාපනය හැදෑරූ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක් බවත් ඇයට තමා මෙන්ම චතුරව ඉංග්‍රීසි භාෂාව හැසිරවිය හැකි බව පවසා ඇත. විදේශ දූත කටයුතු වලදී ‘ඉංග්‍රීසි’ ඉතා වැදගත් නිසා මෙය දේශපාලන පත්වීමක් නොව සුදුසුකම් වලට ලද පත්වීමක් බව සජිත් කියා ඇත.

සජිත්ගේ කථාව සමග අපට නම් එකග විය නොහැක. මෙම බඳවා ගැනීම පිළිබදව ගැසට් මගින් හෝ පුවත්පත් දැන්වීමක් මගින් ප්‍රසිද්ධ කළේ නැත. විවෘත සම්මුඛ පරීක්ෂණයක් නොවීය .

විදේශ සේවය සදහා තරග විභාග ක්‍රමය හදුන්වා දුන්නේ සජිත්ගේ පියා රණසිහ ප්‍රේමදාසය . සජිත්ගේ පියා නිසා එතෙක් ප්‍රභූන්ට පමනක් සීමාවී තිබූ විදේශ දූත මෙහෙවර ගමේ බන්ඩයිලාට විවෘත විය.

නමුත් තිස්සගේ දුව ලද පත්වීම තරඟ විභාගයකින් ලද එකක් නොව පස්සා දොරින් ලද එකකි. සජිත් විසින් එය අනුමත කිරීම ආමර්වීදියේ බෝමබයට නොදෙවෙනි අපරාධයකි.