නන්දසේනගේ ගැලරි ටෝක් – ගහක වාඩියක් උඩ සිට ගොවියෙකු ප‍්‍රශ්ණ අසයි..

තණමල්විල පැවති”ගම සමග පිලිසදර-’ සැසියේදී ගහක වාඩියක් උඩ සිට ගොවියෙකු ජනපතිගෙන් ප‍්‍රශ්ණ අසන දර්ශනය මධ්‍ය තුල හිට් වන අයුරු දැක ගත හැකි විය.

ඇත්තෙන්ම මේවා තමයි රියල් ටෙලි නාට්‍ය. ඔය ගම සමඟ පිළිසඳර වැඩ සටහනේ කාටවත් නිදහසේ ප්‍රශ්න අහන්න බැහැ. ඒ ප්‍රශ්න හදන්නේ ඒ පලාත් වල දේශපාලඥයොයි ජාවාරම් කාරයොයි එකතු වෙලා.

‘අනේ සර්, අපිට දර කෝටුවක් අහුලා ගන්න වත් කැලේට යන්න බැහැ. අහවල් පනතේ විදිහට ඔයාලට නඩු පවරන්න පුළුවන් කියලා කැළෑ මහත්තුරු අපේ ඇඟට පනිනවා සර්’ වැනි කෙබරයක් කවුරු හරි ගෑනු කෙනෙක් ලවා කියවා ගත්තොත්, ‘ඔය පනත් අල්ලලා වීසි කරන්න’ කියනවා කියලා ජාවාරම් කාරයො දන්නවා.ඔය ජාවාරම්කරුවො තමා ගෝඨාගේ අනුග්‍රාහකයො.

තවත් අතකින් ගෝඨාගේ දේශපාලනයේ පදනම ගැලරිය පිනවීම. නන්දසේන මේ දේශපාලනයට තමා කැමති. නන්දසේන තමා අද ලංකාවේ ඉන්න අංක එකේ ගෝනි සෙල්ලම් කරු. සංවේදී කතා මාධ්‍ය වලින් ප්‍රචාරය වෙනකොට නාගරික ජනතාව හිතන්නෙත් ඒක ඇත්තක් කියලා. (මේසේන් බාස්ගේ පැණි බොන්ඩ කිමි 3 ක් දිග පොලිමක් හහපු රටක් මේක)

දුෂ්කර ගම්මාන වල ජීවත්වන අඩු පහසුකම්ලාභී ගැමියන්ට සෙත සෑදීම සඳහා මෙම වැඩසටහන දියත්කර ඇති බව බැලූ බැල්මට පෙනුණත් එමගින් සැබැවින්ම සිදුවන්නේ එය නොවේ. ග්‍රාමීය ජනතාව තුළ සැඟවී සිටිමින් ප්‍රදේශයේ දේශපාලකයින්ගේ හෙන්චයියන් විසින් තම හාම්පුතුන්ගේ අවශ්‍යතා ග්‍රාමීය ජනතාවගේ අවශ්‍යතා වශයෙන් හුවාදැක්වීම මෙමගින් සිදුවනව

ශ්‍රී ලංකාවේ වන සහ වනජීවී සම්පත් ආරක්ෂා කිරීම සඳහා දැනට ඇති වන සංරක්ෂණ ආඥා පනත, වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත සහ ජාතික පාරිසරික පනත වැනි නීතිමය ප්‍රතිපාදන අමු අමුවේ උල්ලංඝනය කරමින් එම පනත් වලින් ආරක්ෂාවී ඇති මෙරට ස්වාභවික සම්පත් දූෂිත දේශපාලකයින්ගේ ග්‍රහණයට ගැනීමට මෙමගින් ජනාධිපතිවරයා හරහා මග පාදා දෙනු ලබනවා.

රක්ෂිත ප්‍රදේශ වල මිනිස් ක්‍රියාකාරකම් වැලැක්වීමට සකස්කර ඇති නීති උල්ලංඝනය අතිශය බැරෑරුම් කරුණක්, ඉන් ජාතියේ මතු පැවැත්මට ද බරපතල තර්ජන එල්ල විය හැක

එය රක්ෂිත වල ගස් කැපීම , වගා කිරීම වැනි බරපතල කටයුත්තක්ම විය යුතු නැත. උදාහරණයක් විදිහට වනජීවී රක්ෂිත තුළට හීලෑ ගවයින් ඇතුළු කිරීම බරපතල පාරිසරික හා සමාජාර්ථික ගැටළුවක්. එමගින් සිදුවන්නේ අලි ඇතුන්ට භුක්ති විඳීමට ඇති සම්පත් හීලෑ ගවයින් විසින් භුක්ති විඳීම. එහි ප්‍රතිපලයක් ලෙස අලි ඇතුන් ආහාර හිඟයකට මුහුණ දෙනවා. ඔවුන් ආහාර සොයාගෙන ගම්මුන්ගේ ගොවිබිම් සහ ගෙවතු ආක්‍රමණය කරනවා.

එමඟින් මිනිස් ජීවිත හා දේපොළ වලට වගේම අලි ඇතුන්ගේ ජීවිත වලටත් හානි සිදුවෙනවා. අපි මේ විශාල ගවපට්ටි හිමියන් කවුද කියලා විමසා බැලුවොත් බොහෝ විට ඔවුන් ප්‍රදේශයේ සිටින ධනවතුන් සහ බලවතුන්. ඔවුන්ට තමයි තමන්ගේ විශාල ගව පට්ටි රක්ෂිත ප්‍රදේශ වලට ඇතුල් කරන්න අවශ්‍ය. නමුත් එය හුවා දක්වන්නේ අසරණ ගැමියන්ගේ ගවයෙකුට දෙන්නෙකුට තණ කොළ කවා ගැනීමේ අවශ්‍යතාවයක්

එක් අතකින් වනජීවී රක්ෂිත වලට ගවයින් ඇතුළු කිරීමට අවසර දීමට සහ ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වැලැක්වීමට කටයුතු කරන ජනාධිපතිවරයා අනෙක් අතින් අලි-මිනිස් ගැටුමට විසඳුම් සෙවීම විහිළුවක්.

Add Comment