
රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායකගේ බිරිඳ හෂිණි රත්නායක ක්‍රිස්තියානි ආගම වැළඳගත් බවට ඉඟි කරන ආකාරයට සිය ෆේස්බුක් පිටුවේ සටහන් කිහිපයක් තබා තිබේ.
ඈ සිය Profile පින්තූරය සඳහා ක්‍රිස්තියානි ආගමික frame එකක් යොදා ගෙන ඇති අතර පිටුව ඉහළින් ම “JESUS IS OUR ALL IN ALL” යනුවෙන් සඳහන් කර තිබේ.
වික්ටර් රත්නායකගේ අහිමි වූ කටහඬ දේව බලයෙන් ලබා දෙන වීඩියෝවක් පසුගියදා සමාජමාධ්‍යවල හුවමාරු වූ අතර එය බෝන් එගේන් නිකායේ ආගමික මෙහෙයක් බව ද කියැවිණි.
ඕනෑම අයෙකුට කැමති ආගමක් කැමති ලබ්දියක්බ් දැරීමට පූර්ණ නිදහසක් හිමි අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලගන්වා ඇති නෛතික සංසිද්ධියකි.