විශේෂ මෙහෙයුමකින් කිඹුලාඇල ගුණා ඉන්දියාවෙදී අත්අඩංගුවට

විශේෂ මෙහෙයුමකින් කිඹුලාඇල ගුණා ඉන්දියාවෙදී අත්අඩංගුවට image

කුඩු සහ පාතාලය තුරන් කිරීම නන්දසේන ගෝඨාභයගේ  ප්‍රධාන පොරොන්දුවක් විය . නමුත් ගෝඨා ජනපති වූ පසු දුන් පොරොන්දුව ඉ‍ටු කරන සෙයක් දක්නට නොලැබුණි. වරෙක දාමරිකයන් පිරිසක්  මොර‍ටුවේ අවන්හලකට වෙඩි තබා හිස් පතරොම් කොපු ටික SSPට අහුලා ගන්න යයි කීවේය. නමුත් සරත් වීරසේකරට පොලීසිය බාර දීමත් සමහ මෙම තත්වය වෙනස් විය.පසුගිය සතියේ මුළු රටම ආවරනය වන පරිදි කළ හදිසි වැටලීමින් සැකකරුවන් 3404 අත් අඩංගුවට ගැනීමට සමත් විය.


සරත් වීරසේකරගේ මෙහෙයුම් ලංකාවට පමනක් සීමා නොවුනි.   විදේශ රටවලට පැන ගොස් නීතිය සමග සෙල්ලම් කරමින් සිටි පාතාල නායකයන් ගණනාවක් අත් අඩංගුවට ගැනීමට ඔහු සමත්  විය. සරත් වීරසේකරගේ විශේෂ මැදිහත්වීම නිසා ඊයේ ඉන්දියාවේදී කිඹුලා ඇල ගුණා අත්අඩංගුවට ගත්තා යයි කිව හොත් ඔබ එක්වරම විශ්වාස නොකරනු ඇත. නමුත් එය සත්‍යකි.  තවද කිඹුලා ඇල ගුණා ඉන්ටපොල් රතුවරෙන්තු කරුවෙකි


සින්නයියා ගුණසේකරන් නොහොත් කිඹුලා ඇල ගුණා,   දැවැන්ත දේශපාලන සම්බන්ධයක් ඇතිව මත්කුඩු ජාවාරම කරගෙන ගිය අයෙකි. කිඹුලා ඇල පිහිටි ඔහුගේ රාජධානියට ඇතුළුවීම පවා ‍පොලීසියට තහනම් විය. එම තහනම පනවා තිබුණේ දේශපාලනඥයන් විසිනි. එමෙන්ම කිඹුලා ඇල ගුණාගේ රාජධානියේ ජනතාවට ‍පොලීසි උසාවි යන්නට තහනම්ය. පාතාලයේ උසාවියක් සහ ‍පොලීසියක් පවා ඔහු පවත්වාගෙන ගියේය. නඩු අසා දඬුවම් දෙන්නේ ඔහුය.

කිඹුලා ඇල ගුණා එල්.ටී.ටී.ඊ.ය සමගද දැඩි සම්බන්ධකම් ගොඩනගාගෙන සිටියෙකි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංගට පුරහල් භූමියේදී එල්ලවුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කිඹුලා ඇල ගුණා  ප්‍රධාන චූදිතයෙකි. එම සිද්ධිය සමග ඔහු ඉන්දියාවට පැන ගියේය


මීට පෙර හෙරොයින් යැයි කියමින් මොනවා හෝ අත්අඩංගුවට ගත්තද ඊට සම්බන්ද කිසිවෙකු අත්අඩංගුවට නොගත්තේය. (අල්ලගත් බඩුද ශුවර් නැත) සරත් වීරසේකර පොලීසිය බාරගත් පසු එම තත්වයද වෙනස් විය. මේවන විට රටින් පැන ගොස් හෙරෝයින් ජාවාරමේ  නියලුන  පුද්ගලයන්න් 22 ක් අත්අඩංගුවට ගෙන ඇත . ඒ අතර ප්‍රධාන පෙලේ පාතාල නායකයන් සහ කුඩු ජාවරම් කරුවන් කිහිප දෙනෙක් පහත පරිදිය  

1. බස්නාහිර පළාත් සභාවේ ඇමැතිවරයෙක්ව සිටි සුනිල් මෙන්ඩිස් මහතා ඝාතනය කිරීමේ ප්‍රධාන චූදිතයා වූ ෆොන්සේකා අලහප්පෙරුමගේ, සුනිල් ගාමිණී නොහොත් කොට ගාමිණී. මොහු කිඹුලා ඇල ගුනාගේ කන්ඩායමේ නායකයෙකි

2. චාල්ස් ඇන්තනි බලකායේ හිටපු සාමාජිකයෙකු සහ දෙමළ පාතාලයේ  කෙරුමා වූ බුම්මා  

3. මොහොමඩ් නසාර් ( MMM නාසර්) – රංග ජීව ඝාතනයයේ ප්‍රධාන චූදිතයා. මොහු අංගොඩ ලොක්කාගේ කන්ඩායමේ නායකයෙකි


4. හෙරොයින් කි. ග්‍රෑ 120 සහ සවක්‍රීය ගිණි අවි සමග තූත්තුකුඩියේදී පාතාල සාමාජිකයන් 6ක් අත් අඩංගුවට ගත්තේය