
හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගට එල්ල්වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන චූදිතයා වූ සහ දශක දෙකක් පුරා පාතාලයේ ගෝඩ්ෆාදර් ලෙස වැජඹුන කිඹුලාඇල ගුණා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.
එය මහජන ආරක්ෂාව පිළිබඳ කැබිනට් අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර සහ තමිල්නාඩු ප්‍රාන්තයේ NIA ප්‍රධානී එස්.පී ඩී.සී ධර්මරාජ් පාතාලයට සහ මත්ද්‍රවය එරෙහිව ගෙනයන මෙහෙයුමේ සංධිස්ථානයකි.
ඉන්දියානු මධ්‍ය රජය යටතේ ක්‍රියාත්මක NIA යනු රෝ සංවිධානයට වඩා බල සම්පන්න ආයතනයකි. ලංකාව ඇතුළු රටවල් 12 ක ත්‍රස්තවාදය සහ මත්දව්‍ය වෙළදාම සම්බන්ධව ඕනෑම ආකාරයේ පරීක්ෂණයක් කිරීමේ බලතල මෙම ආයතනය සතුය


