කෝටි ගණනක ධන නිධාන භාරකාරීත්වය දැරූ වලගෙදර මහානාම හිමිගේ මරණය ඝාතණයක් !

අගලවත්ත යටියන ශ්‍රී පියරතන ධර්මායතනයේ සහ විහාරස්ථානයේ විහාරාධිපති වලගෙදර මහානාම හිමි පෙබරවාරි මාස 5 දින සැකකටයුතු ලෙස අසනීප වී අපවත් විය. උන්වහන්සේගේ මරණය සිදුවූයේ නෑබොඩ රෝහලේදීය.

වලගෙදර මහානාම හිමිගේ මරණය සම්බන්ධයෙන් සැකයක් පවතින බව උන්වහන්සේගේ සහෝදරයන් මතුගම පොලිසියට පැමිණීලි  කර ඇත.

ඒ පිළිබඳව පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කළුතර නාගොඩ මහ රෝහලේ විශේෂඥ  අධිකරණ වෛද්‍ය නිලධාරි ප්‍රියන්ත අමරරත්නට නියම කොට ඇත. ඒ අනුව සිරුරේ කොටස් වැඩිදුර පරීක්‍ෂණ සඳහා රජයේ රස පරීක්‍ෂක වෙත යවා ඇති අතර එම වාර්තා ලැබුණු පසු මරණයට හේතුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

වලගෙදර මහානාම හිමි භාරයේ විශාල ධන, නිධාන සහිත දේපලක් තිබී ඇත. යම් හෙයයකින් මෙය ඝාතනයක් බව තහවුරු වුවහොත් වත්මන් රජය පත්වීමත් සමග ඝාතනය ලක්වූ හයවැනි බෞද්ධ භික්ෂුව වලගෙදර මහානාම හිමි වෙයි.

සීතාවක රාජධානි සමයේද බෞද්ධ භික්ෂූන් මේ ආකරයෙන් ඝාතනය විය. දෙවන රාජසිංහ රජු අරිට්ටකිකී වෙන්ඩු පෙරුමාල් නම් නම් මිත්‍යා දෘෂ්ඨිකයකු සරණ ගොස් සිටි අතර හින්දු පූජක වරයා බෞද්ධ භික්ෂූන් ඝාතණය කරමින් වතක් පූරණය කළේය.

වත්මන් පාලකයාද ඥානකකා නම් කාලිදෙවඟන අදහන යක්දේසියක් සරණ ගොස් ඇත.

Add Comment