සජිත් අනාථයි, බැසිල් කුජීතයි, විමල් නව ජාතික ජාතික පෙරමුණක් පිළිබද කථිකාව අරඹයි

බැසිල් රාජපක්ෂ මීට දෙවසරකට පෙර සජිත් ප්‍රේමදාස නැමති මන්ද මානසික දේශපාලකයාට නාස් ලණුවක් දැමුවේය. බැසිල් විටෙක කසය පෙන්වමින් තවත් විටෙක කරට් අලය පෙන්වමින් ඔහුට අවැසි පරිදි සජිත් හැසිරවූයේය. බැසිල් ලංකාවේ තනි විශාලතම දේශ බලකො‍ටුව වූ එජාපය අනාථ කළේය.බැසිල්, සජිත් ගොනාට අන්දවා පාර්ලීමේන්තුවේ 2/3 ලබා ගත්තේය .

නමුත් වැඩි කල් නොගොස් දිට්ඨ දම්ම වේදනීය කර්මය පල දුන්නේය. බැසිල් හෙන්චන් දමා විමල් වීරවංශට එල්ල කළ ප්‍රහාරය ඔහුටම පාරාවළල්ලක් වී ඇත. පන්සල් දේශපාලනයේ සහ පොහොට්‍ටුවේ තිඹිරි ගෙය වූ අභයාරාමය රාජපක්ෂලාට එරෙහි වී විමල්ට පක්ෂ වී ඇත. ලාංකීය දේශපාලනයේ සහ සමාජයේ අළු යට ගිණි පුපුරක් ලෙස පවතින කුල සාධකය විමල්ට ‍තෝමරයක් බවට පත්වීම කිසිවෙකුට වැලැක්විය නොහැක

මංගල සහ ශ්‍රීපති එළවූ තමන්ට විමල් වීරවංශ එළවීම කජ්ජක් නොවන බවට බැසිල් උපකල්පනය කොට ඇත. නමුත් මෙවර බැසිල්ගේ ගණන් හැදීම වැරදි බව බෝහෝ දෙනෙකු තේරුම් ගෙන ඇත.ඇත්ත කථාව කොට්ටේරුවාට අත්වූ ඉරණම බැසිල්ට අත්වී ඇත. අභයාරාමය දුන්නේ සඥාවක් පමිනි. සිවුරේ සහාය රනිල්ට ලැබුනද බැසිල්ට ලබාගැනීමට ඇති ඉඩ කඩ අඩුය. නමුත් වීරවවංශට සිවුරේ සහාය සිම්පල් දෙයකි.

කලින් කලට නව ‍රැළි පෙරළි ප්‍රවණතා දේශපාලන කරළියේ ඇතිවීම නොවැලැක්විය හැක. වීරවංශ ශ්‍රීලනිප මහලේකම් සමග පාර්ලීමේන්තු ලොබියේ කළ දීර්ඝ කථාව මේ වන විට පුවත් මැවීමට සමත් වී ඇත.පොහොට්‍ටුවේ කුක්කන් බැසිල්ට කඩේ ගියද ජේෂ්ඨයන් බැසිල් දෙස බලන්නේ අවඥාවෙනි.සජිත් විසින් කොන් කළ චම්පිකගේ සහායද නව සංධානයට ලැබීම නොවැලැක්විය හැක.කොට්ටය යට කුමන්ත්‍රණ වලින් බලය ඇලීමට වෙර දැරූ බැසිල්ට සහ සජිත්ට කළ කම් පල දී ඇත

Add Comment