බැසිල් අපිව බ්ලැක් මේල් කළා, හකීම්ගේ මන්ත්‍රීවරු කියති

බැසිල් අපිව බ්ලැක් මේල් කළා, හකීම්ගේ මන්ත්‍රීවරු කියති image 22

ගෝටාබය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ බලය වැඩි කරන 20 වන සංශෝධනයට තමන් සහාය ලබා දුන්නේ මුස්ලිම් මෘත දේහය භූමදානයට ඉඩ දෙන බව ආණ්ඩුව පොරොන්දු වූ නිසා යයි මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රී ෆයිසාල් කාසිම් පවසයි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මේ බව නිල වශයෙන් මාධ්‍යයට ප්‍රකාශ කර ඇත.

මුස්ලිම් කොන්ග්‍රස් මන්ත්‍රීන් බිලී බෑමේ කොන්ත්‍රාත්තුව ඉ‍ටු කළේ බැසිල් රාජපක්ෂය. මුස්ලිම් මන්ත්‍රීන්ගේ ඡන්දය ලබා ගැනීමට යන අවස්ථාවේ ඊට එරෙහිව නලීන් සිල්වාගේ පිල, බෞද්ධ භික්ෂූන් , විමල් ඇතුළු පිරිසක් විරෝධය පල කළහ.

බැසිල් ජනාධිපතිට නොදෙවෙනි ලෙස රාජ්‍ය යාත්‍රණය සහ මුදල් පරිහරණය කළද දුක් විඳින ජනයාට කළ සේවයක් නැත. ඔහුගේ බිම් මට්ටම් ග්‍රාමීය ජනයා රවටා ජන්දය ලබා ගැනීමට බිහි කළ යාත්‍රණ මිස ජනයාට අබමල් රේණුක තරම් සෙතක් සැල සීමට බිහි කළ ඒවා නොවේ

විදේශ ශ්‍රමිකයන්ට පැමිණිය නොහැකි වන සේ ගුවන් තො‍ටුපල වසා ශ්‍රමිකයන් කාන්තාරයේ අනාථ කළ ලෝකයේ එකම රට ලංකාවය.මැදපෙරදිග අසරන වූ අපේ දූ පුතුන් , අම්මලා ගණිකා වෘත්තියට සහ ගිඟමනට වැ‍ටුණි. අවසානයේ දිළිත් ජයවීර සේනාධිපති වැනි ජාවාරම් කරුවන්ට නීරෝධායන මුවාවෙන් අසරණ ශ්‍රමිකයන් කොල්ල කෑමට ඉඩ දුන්නේය.එය එක්තරා ආකාරයක කප්පම් කලාවකි

කොරෝනා මල සිරුරු භූමදානය සදහා ඉඩ නොදුන් ලෝකයේ එකම රට ලංකාවය ( චීනයේද එකතරා ප්‍රදේශයක භුමදානය කළ හැකි විය ) එම තීන්දුව රිවස් කිරීමට බැසිල් විසින් කප්පම් ගෙන ඇති බව ෆයිසාල් කාසිම්ගේ කථාවෙන් පැහැදිලි වෙයි

Add Comment