විමල් 90% , බැසිල් 10 % – වීරවංශ දේශපාලන කරළියේ හිණිපෙත්තට නගියි

විමල් 90% , බැසිල් 10 % – වීරවංශ  දේශපාලන කරළියේ හිණිපෙත්තට නගියි image 23

දේශපාලන ඇතිවන කුණාටු අලුත් ගොඩබිම් නිර්මාණය කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ උත්සව සභාවක් අමතමින් ඊයේ ප්‍රකාශ කළේය.

‘තමුන්නාන්සේලා දන්නවා අපි දේශපාලනයේ බොහෝ කුණාටුවට මූණ දීපු අය. මම ජනතා විමුක්ති පෙරමුණ ඉන්දෙද්දි ඒකෙන් එළියට බහින්න වෙච්ච් එක තමයි ලොකුම කුණාටුව. ඒ කුණාටුවටත් අපි මුහුණ දුන්නා.

2015 ජනවාරි 08 පැරදුනාට පස්සේ ආපු කුණාටුවටත් අපි මූණ දුන්නා. සමහර කුණාටු නාවොත් අලුත් ගොඩබිම් හොයාගන්න හම්බ වෙන්නේ නෑ. ඒ නිසා අපි කුණාටුවලට බය වෙන්නෙත් නෑ. කුණාටුවලට අපිව බය කරන්නත් බෑ’ යයි කීවේය

ඊයේ දින වන විට මැදගොඩ අබේතිස්ස, ඇල්ලේ , මුරුත්තේට්‍ටුවේ හිමි ඇතුළු භික්ෂූන් ගණනාවක් විමල්ට පක්ෂව කථා කොට තිබුණි.

මේ වන විට මුහුණු පොතේ, රට වෙනුවෙන් ඔබ ‍තෝරාගන්නේ බැසිල්ද විමල්ද කියා මත විමසුම් සිදු වන අතර 90 % පමන ඉහල ප්‍රතිචාර ලබමින් විමල් හිණිපෙත්තට ලගා වී ඇත .එම මත විමසුම් වලදී බැසිල්ට ලැබී ඇත්තේ 10% තරම් අඩු ප්‍රතිචාරයකි. මත විමසීම් සිදු කොට තිබුනේ පක්ෂයකට හෝ පුද්ගලයෙකුට බර නොවූ FB පි‍ටු මගිනි

Add Comment