රටක් බලා සිටියා යැයි කියූ ඒ වචන ටික අනුරාධපුරයේදී පිටවූ හැටි!

රටක් බලා සිටියා යැයි කියූ ඒ වචන ටික අනුරාධපුරයේදී පිටවූ හැටි! sirasa 1

‘සසුනට අරුණ වැවයි දාගැබැයි – ගමයි පන්සලයි’ වැඩසටහන යටතේ ඉදිවූ  පලමු චෛත්‍ය සසුනට පුජා කිරීම උත්සවාකාරව පැවැත්වීමට සජිත් ප්‍රේමදාස සැලසුම් කළේය. අස්ගිරි මල්වතු මහනායක හිමිවරුන්ගේ මූලිකත්වයෙන් මෙම උත්සවය  ජූනි මස 8 දින එනම් අද දින අනුරාධපුර ශ්‍රාවස්ථිපුර 4 ඇල ශ්‍රී ස්වර්ණ ජයන්ති විහාරස්ථානයේදී පැවැත්විනි. මෙම උත්සවය හරහා සජිත්  ‍රැල්ලක් නිර්මානය කිරීමට සජිත් -කිලී -සිරිසේන කල්ලිය සැලසුම් කළෝය.

උත්සවය පිළිබද විශාල ප්‍රචාරණයක් ලබා දුන් මොවුන්,  පාක්ෂිකයන් හැකි පමන ගෙන්වා ගන්නා ලෙස සංවිධායකයන්ට  නියෝග කර තිබුනි. ප්‍රචාරණයේ තේමාව වූයේ කෙස් කෙලින් කරන පණිවිඩයකි. පූර්ව ප්‍රචාරක කටයුතු වලදී සංවිධායකයන් කිවේ එ.ජා.ප නියොජ්‍යය නායකයා වන සජිත් ප්‍රේමදාස 2020 ජනාධිපතිධුර අපේක්ෂක ලෙස මහ නායක හිමිවරුන්ද සහභාගි වන මෙම උත්සවයේදී ප්‍රකාශයට පත් කරනු ඇති බවය.එහෙයින් පූර්ව ප්‍රචාරණය ” සජිත්ට නියත විවරණ” වැනි කැටයම් දමා හැඩ කළෝය

එය ඒ ආකාරයෙන්ම සිදුවෙතැයි විශ්වාස කරමින් සැලකිවයුතු පිරිසක් එම රැස්වීමට පැමින සිටියහ . නමුත් 2020 ජනපති අපේක්ෂකයා පිලිබදව කිසිවක් ප්‍රකාශ නොවීම පිලිබදව පාක්ෂිකයන් මහත් කළකිරීමකට සහ කැළඹීමකට පත් වූහ. මේ සම්බන්ධයෙන් මහත් සේ උරණ වූ ඇතැම් පාක්ෂිකයෝ උසුලු විසුළු කරමින් උපහාසාත්මකව හැසිරීමට පටන් ගත්තෝය. ඇතමුන් හඩ නගමින් ” විසිල් විතරයි බල්ටි නැ‍තෝ” කීහ . තවත්  සමහරුන් ” නන්දනීය පූජනීය අරයා මෙයා ඇතුලු බාබුගෙන් අවසරයි …..කෝ මොනවත් නෑනෙ ” කීහ.

තවත් සමහරුන් ” අයියෝ සිරිසේන ! අය්යෝ කිලී! ” කියා කෑ ගැසූහ . හූ හඩ ආරම්භ වීමට ඔන්න මෙන්න තිබියදී කලබලයට පත් පිරිස් අතරට පැමිනි සංවිධායකයන් අපූරු කථාවක් කීහ . මොවුන් කීවේ,  මේ දැන් ලැබුනු තොරතුරක් අනුව ජනාධිපතිවරණයට කලින් පාර්ලීමේන්තු මැතිවරණය පැවැත්වෙන බවත් එවැනි තත්වයක් යටතේ  ජනපති ධූර අපේෂකයා පිලිබදව මෙහිදී ප්‍රකාෂයට පත් නොකිරීමට මහනායක හිමි වරු උපදෙස් දුන් බවය.

By තුෂාරා වන්නිආරච්චි

Editor Lanka news app .com