හිරුණිකා පෙම්වතුන්ගේ දිනයේ විමල්ට කළ ආරාධනයට HOT පිළිතුරක්

හිරුණිකා පෙම්වතුන්ගේ දිනයේ විමල්ට කළ ආරාධනයට විමල් සෙනිකව ප්‍රතිචාර දක්වා ඇත . ඒ අනුව විමල් මුහුණු පොතේ සටහනක් තබා ඇත, එය පහතින් දැක්වෙයි

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පසුගිය දිනක මාධ්‍ය හමුවක මා පිළිබදව සහ අප නියෝජනය කරන දේශපාලන මතය පිළිබදව අදහස් පල කර ඇති බව දුටිමි. ඇය එහිදී පවසන්නේ ඉදිරියේදී අප ඔවුන් සමග එක්ව දේශපාලන බලවේගයක් ගොඩ නැගීමට සුදානමින් සිටින බවයි.

ඇය මෙන්ම තවත් විපක්ෂයේ මන්ත්‍රීවරු බොහොමයක් එම අදහසම ප්‍රකාශ කරමින් සිටිනු දැකගන්නට ලැබුණි.ඒ පිළිබද අපට ඔවුන් වෙත ලබා දිය හැකි සරළම පිළිතුර වන්නේ ”එවැනි බංකොලොත් දේශපාලනයක නිරත වීමට අපට කිසිදු අදහසක් නැති බවයි”.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු විපක්ෂයේ බංකොලොත් දේශපාලනය වෙනුවෙන් පෙනී සිටීමට තරම් අප බංකොලොත්ව නැති බව ඔවුන් වටහා ගත යුතුව තිබේ. විපක්ෂයේ භූමිකාව වෙනුවෙන්වත් පෙනී සිටීමට හැකියාවක් නැති ළදරු විපක්ෂයක් වෙනුවෙන් අප පෙනී සිටිනු ඇතැයි සිතීමම විහිළුවකි.

අප පෙනී සිටින්නේ අප ගැන විශ්වාසය තැබු 69 ලක්ෂයේත් සමස්ථ ශ්‍රී ලාංකිකයන්ගේත් අරමුණු මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙනි, රටට හිතැති තීන්දු තීරණ ගැනීම වෙනුවෙනි, ආණ්ඩුවට පැවැත්මට හිතැති තීන්දු තීරණ ගැනීම වෙනුවෙනි, සමස්ථ ලාංකිකයන් අපේක්ෂා කරන තැනට අප මාතෘ භුමිය රැගෙන යෑම වෙනුවෙනි.

ඒ ගමනේදී ඉතිහාසය පුරාවටම අප හට එල්ල කල ප්‍රහාරයන් මැද වුවද අපගේ අරමුණු අත් නොහළ බව අප ඔප්පු කොට තිබේ. අනාගතයේදීත් එම අරමුණු වල වෙනසක් නොවන බවද විශ්වාසයෙන් යුතුව කියමි.අපගේ අදහස් සහ භාවිතාව වරදවා වටහා ගත් සියලු දෙනාටම සංවේගය පල කරමි…!

මීට දේශප්‍රේමී විමල්

විමල් වීරවංශ හිරුනිකාට සෙනිකව ප්‍රතිචාර දැක්වුවද ශ්‍රීලනිප ඇමතිවරයෙක් වන දයාසිරිට මේ දක්වා ප්‍රතිචාර දක්වා නැත.එමෙන්ම ශ්‍රිලනිප විසින් හිරුනිකාට කොලොන්නාව ආසන සංවිධායක ධූරය පිරිනමා ඇත. එය භාරගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම මේදක්වා සිදු කොට නැත. හිරුනිකා අප කඳවුර ලෙස අදහස් කලේ ශ්‍රිලනිප වුවද විය හැක .එනයින් බලන කළ විමල් හිරුනිකාගේ ආරාධනය ව්‍යංගයෙන් පිලිගෙන ඇත

කරුණු එසේ හෙයින් විමල්ගේ FB සටහන විමල් -හිරූ පෙම් කථාවේ දුෂ්ඨයා වන බැසිල් ගෙන් බේරීමට කළ සම්යක්ප්‍රයෝගයක් බව බැලූ බැල්මටම කිව හැක

Add Comment