විමල් රනිල් එක්කත් ඩිල් දැම්මා – වහාම ඩිවෝස් වෙන්න ලන්සා කියයි

විමල් රනිල් එක්කත් ඩිල් දැම්මා –  වහාම  ඩිවෝස් වෙන්න ලන්සා කියයි image 30

විමල් වීරවංශ ඇමතිවරයා තවදුරටත් ආණ්ඩුව තුළ රැඳී සිටිමින් කුරුවල් නොකර ආණ්ඩුවෙන් ඉවත්ව යන්නැයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා පවසයි.

“ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට පොදුජන පෙරමුණේ තනතුරක් ඕනෙ නම් ඒක සහෝදරවරුන් දෙන්නා බලාගනී. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හදද්දී ඔය ඉන්න පක්ෂ නායකයො අපේ පක්ෂය හදන්න විරුද්ධ වුණා. ඒ නිසා විමල්ට බෑ පක්ෂයට උපදෙස් දෙන්න ”

” විමල් උත්සාහ කළේ මහින්ද වටා වූ ජන බලවේගය සිරිසේනගෙ කරේ එල්ලලා තමන්ගෙ නඩු ටික ගොඩ දා ගැනීම. විමල් රනිල් එක්කත් ඩීල් දැම්මා”

” පවුලක් වුණත් නෝනයි මහත්තයායි හැමදාම ප්‍රශ්න කතා කරකර විසඳගන්න බැරි නම් ගහ මරාගෙන ඉන්නවද ? නෑ, හොදම දේ ඩිවෝස් වීම ” යනුවෙන් ලන්සා කීවේය.මේ බව ප්‍රකාශ කළේ අද දින (15) ජන හමුවක් අමතමිනි

Add Comment