ගෝඨා බෝම්බ ප්‍රහාරය සැලසුම් කළ බව ඔප්පු වන නිසා පාස්කු කොමිසන් වාර්තාව හැංගුවා

පාස්කු ප්‍රහාරය පිලිබදව විමර්ෂණ කළ ජනාධිපති කොමිසමේ වාර්තාව මේ වන විට ගෝඨාභයට බාර තිබුනද එය ගෝඨා විසින් සගවාගෙන සිටන බව ජවිපෙ මන්ත්‍රී වසන්ත සමරසිංහ ප්‍රකාශ කළේය . යම් හෙයකින් එම වාර්තාව එලියට දැමුව හොත් එහි සාක්ෂි දුන් හමුදා/පොලිස් නිලධාරීන්ගේ සහ සහරාන්ගෙ බිරිදගේ සාක්ෂි අතිශය තීරනාත්මක බවත් පාස්කු ප්‍රහාරය ගෝඨා සහ බැසිල් සැලසුම් කර එල්ල කරන ලද්දක් බව ඔප්පු වන්නේ යයි ඔහු කීවේය.

සිරිසේන ජනාධිපති කාලයේ බැඳුම්කරය ගැන සෙවීමට කොමිසමක් පත් කළ බවත් කොමිසමේ වාර්තාව සිරිසේනට ලැබුන පසු ඔහු එම වාර්තාව සැඟවූ බව කීවේය . වාර්තාව සැගවූවා පමනක් නොව එම වාර්තාව්වේ පි‍ටු 126 ක් ගලවා ඉවත් කළ බවද කීවේය . එම ගලවා ඉවත් කළ පි‍ටුවල දහම් සිරිසේනට, චතුරිකා සිරිසේනට සහ බෑනා තිලිනට ප්ර්පෙචුවල් ට්‍රෙෂරීස් ආයතනය මුදල් ගෙවූ හැටි සටහන්ව තිබූ බව ඔහු හෙළි කළේය

අවසානයේ මහජන මුදල් කෝටි ගණනක් වියදම් කොට දැමූ කොමිසමෙන් සිදු වූයේ ජනයා ‍රැවටීම සහ චූදිත දේශපාලකයා පලා යාම බව ඔහු කීවේය.

තුවක්කුව බැන්දේ කවුද කියා නොපෙනුනාට දඩයම කරේ තියාගෙන යන එකාගෙන් තුවක්කුව බැන්ඳේ කවුද කිව හැක . දඩයම කරේ තියාගෙන ගියේ මෝදි සහ ගෝඨාය . නමුත් සහරාන්ගේ බිරිද හෙළිකොට ඇති කරුණු කෙස් කරන සුළුය . ඇය හෙළි කළ කරුණු අනුව පාස්කු පූජාවට සියඹලා ගෙනවිත් ඇත්තේ ගෝඨා නොව බැසිල්ය

Add Comment