රුවන් ලෙඩ කපුටෙක් – නව නිළධාරි මඩුල්ල නිසා සාගල රනිල් සමග විරසක වෙයි

රුවන් ලෙඩ කපුටෙක් – නව නිළධාරි මඩුල්ල නිසා සාගල රනිල් සමග විරසක වෙයි image 33

හිටපු අමාත්‍ය සාගල රත්නායක රනිල් වික්‍රමසිංහ සමඟ විරසක වී ඇත. සාගල රනිල් සමඟ විරසක වී තිබෙන්නේ පක්ෂයේ තනතුරු මුල්කොටගෙනය

එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මඩුල්ල පත්කිරීමේදී සාගලට පක්ෂයේ උප සභාපති ධුරයක් ලබා දුන්නද ඔහු බලාපොරොත්තුවෙන් සිටියේ පක්ෂයේ මහලේකම් ධුරයය. නමුත් රුවන්ගේ කීමට මහලේකම් ධූරය ලැබුනේ රංගෙ බන්ඩාරටය.

මහලේකම් ධූරය නොදීම නිසා දැඩි සිත් වේදනාවට පත්ව ඇති සාගල රනිල් සමග අමනාප වී හුදකලා ජීවිතයකට එලඹ ඇත. සාගල පක්ෂයේ කිසිදු කටයුත්තකට අවතීර්ණ නොවීමට තීන්දු කොට ඇත.

යහපාලන ආණ්ඩු සමයේ අකිල විරාජ් කාරියවසම් පක්ෂයේ මහ ලේකම් කළ අවස්ථාවේ රනිල් සමග උරණ වූ සාගල සිය ගම වන දෙනියායට ගියේය. ඒ අවස්ථාවේ රනිල් හෙලිකොප්ටරයකින් දෙනියායට ගොස් සාගලගේ සිත සනසා යළි කොළඹට රැගෙන ආවේය

රනිල් අගමැති සමයේ අමාත්‍ය ධුරයට අමතරව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානියා වූයේ සාගලය. සාගල නතරවී සිටියේ අරලියගහ මන්දිරයේම කාමරයකය .

නමුත් මෙවර සාගල සැනසීමට රනිල් කිසිවක් කළේ නැත. සාගලද රනිල් අමතක කොට තමන්ගේ වැඩක් බලා ගැනීමට තීරනය කොට ඇත. රුවන් සැනසීමට රනිල් පත් කළ නව නිළධාරි මඩුල්ල ගැන සාගල සිටින්න්නේ දැඩි නොසතුටෙනි.

පක්ෂය ගොඩ ගැනීමට ඔවුන්ට කිසිවක් කළ නොහැකි බව සාගල ප්‍රකාශ කරයි. පසුගිය 10 වැනිදා සිදුවූ රනිල්- සජිත් හමුවද හුදු කාලය කා දැමීමක් විය.

මේ වන විට පක්ෂයේ තනතුරු ප්‍රශ්න මුල් කොටගෙන රවී කරුණානායක, නවීන් දිසානායක හා අර්ජුන රණතුංග,මර්වින් සිල්වා , ලක්ෂ්මන් විජේමාන්න යන හිටපු මැති ඇමතිවරු ද තමන්ට පක්ෂයෙන් ලබා දුන් තනතුරු භාර ගැනීම ද ප්‍රතික්ෂේප කොට ඇත.

වසන්ත හේවාගම

Add Comment