තිස්ස ඩබල් ඒජන්ට් කෙනෙක්, බැසිල් සමග ඩීල්, චම්පිකට බය ඇයි – සජබ තරුණ මන්ත්‍රීන් ප්‍රශ්න කරයි

තිස්ස අත්තනායක පක්ෂයේ අභ්‍යන්තර තොරතුරු පිටතට ලබා දෙමින් ඩීල් දේශපාලනය නිරත වන බවට එම පක්ෂයේ තරුණ මන්ත්‍රීන් පිරිසක් ලිඛිතව සජිත්ට පැමිණිලි කොට ඇත.

තවද තිස්ස පක්ෂයේ ජාතික සංවිධායක වන නමුදු මේ දක්වා පක්ෂයේ උන්නතියට අබමල් රේණුවක් දෙයක් කර නොමැති බව පැමිණිල්ලේ වෙයි.

පක්ෂයේ උන්නතියට ප්ලේන්ටියක් වැය නොකරන තිස්ස කෘත්‍යාධිකාරි මණ්ඩලයේ රහ්‍ය තොරතුරු පවා බාහිර පාර්ශව අතට පත් කරන බව පැමිණිල්ලේ සදහන්ය.

තිස්ස බැසිල් සමග ඩීල් දේශපාලනයක නිරත බව පෑමිණිල්ලේ ලොකු අකුරින් සඳහන් කොට ඈත. තිස්සගේ දුවට ඔස්ට්‍රේලියාවේ කැන්බරා කවුන්සල් කාර්යාලයේ තෙවන මිනිස්ටර් තනතුර ලැබුනේ මෙවැනි ඩීල් නිසා බව ඔවුන් පෙන්වා දී ඇත.

තවද තිස්ස සහ ජලනි අතර ඇබ්නෝමල් සම්බන්ධයක් ඇතැයිද පක්ෂයේ ක්‍රියාකාරකම් වලට එය බාධාවක් බව පෙන්වා දී ඇත. චම්පික රණවක පක්ෂයේ උන්නතියට වැඩක් කළ හැකි අයෙක් බවත් ඔහුට නිසි තැන නොදෙන්නේ ජලනී-තිස්ස කල්ලිය බව පැමිණිල්ලේ සඳහන්ය

පසු සටහන – හොරාගේ අම්මාගෙන් පේන අසා පලක් නැති බව ලංකා නිවුස් ඇප් සජබ තරුණ මන්ත්‍රීන් පිරිසට මෙත් සිතින් මතක් කරනුයේය

Add Comment