බැසිල් රාජකීය විදුහල් මෑණිය දූෂණය කරයි, අහෝ! රාජකීය පුත් සජිත් එය නිහඬව බලා සිටියි

බැසිල් රාජකීය විදුහල් මෑණිය දූෂණය කරයි, අහෝ! රාජකීය පුත් සජිත් එය නිහඬව බලා සිටියි image 36

පසුගියදා මහින්ද-විමල් පිලේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි මාධ්‍ය හමුව කැඳවූයේය. පොහොට්‍ටු ලේකම් සාගර කාරියවසම් රාජකීය විදුහලේ විදුහල්පතිවරයාට ඉවත්වන ලෙස අයුතු බලපෑම් කරන බව මහින්ද පිලේ වොයිස් කට් සාදු මුරුත්තෙට්ටුවේ හිමි හෙළිදරව් කළේය.

නමුත් ඇත්ත කථාව එය නොවේ. සාගර කාරියවසම්ට රාජකීය විදුහල්පති සමග පැටලීමේ අවශ්‍යතාවයක් නැත. තවද දේශපාලන පොරපිටියේ ඇබිත්තයෙකු වන සාගරකාරියවසම් කොලඹ 7 රාජකීය විදුහලේ විදුහල්පති වැනි සුපිරි සමාජ බලයක් සහිත අයෙක් සමග ගේම ඉල්ලයි නම් ඔහුගේ මොළය පරීක්ෂා කළ යුතුය.

සාගර කාරියවසම් මේ ඉ‍ටුකරන්නේ කොන්ත්‍රාත්තුවකි . ශෝට් ඇන් ස්වීට් කිවහොත් බැසිල් ලබා දුන් කොත්ත්‍රාත්තුවකි.ගෝඨා- බැසිල් පිලට රාජකීය විදුහලේ විදුහල්පති එලවා දැමීට අවශය වී ඇත. මහින්ද-විමල්- වාසු- ගම්මම්න්පිල ඇතුළු සිවුරුකාර පිල ඊට එරෙහිව වී ඇත.

මහින්ද පිලෙන් ලැබෙන ගැම්ම නිසා රාජකීය විදුහල්පතිවරයාට අධ්‍යාපන අමාත්‍යංශය ලේකම්වරයාගෙන් ලද ස්ථාන මාරු ලිපිය ප්‍රතික්ෂේප කොට ඇත. ඉතිහාසයේ ප්‍රථම වතාවට රාජකීය විදුහලේ පරිපාලනය අරාජික වී ඇත.

වත්මන් විපක්ෂ නායකයා රාජකීය ආදි ශිෂ්‍යයෙකි. විපක්ෂ නායක කර්යාලය පිහිටා ඇත්තේ රාජකීය විදුහල් වැටේය .නමුත් බැසිල්ට එරෙහිව වීමට සජිත්ට නොහැකිය. ඩීල් දේශපාලනය එතරම් ප්‍රභලය. රනිල්ගේ කල්ක්‍රියාවද සජිත්ට දෙවැනි නැත.

සල්ලාලයන් විසින් රාජකීය විදුහල් මැණිය දුෂණය කරයි, අහෝ! රාජකීය පුතු සජිත් නිහඩව ඒ දෙස බලා සිටියි. මෙවැනි පුතුන් වැදීම ගැන රාජකීය විදුහල් මෑනියන් දුක් වනවා ඇත.

Add Comment