පාස්කු වාර්තාවට වෙච්ච දේ සොයන්න තවත් කොමිසමක් පත්කළ යුතුයි- ඥානසාර හිමි නන්දසේනගේ රෙදි ගලවයි

පාස්කු වාර්තාවට වෙච්ච දේ සොයන්න තවත් කොමිසමක් පත්කළ යුතුයි- ඥානසාර හිමි නන්දසේනගේ රෙදි ගලවයි image 37

පාස්කු කොමිසමේ අවසන් වාර්තාවට සිදු වුණේ කුමක්ද යන්න සොයා බැලීමට තවත් ජනාධිපති කොමිසමක් පත්කළ යුතු බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම්  ඥානසාර හිමි ඊයේ (16) කීවේය. දේශපාලන කොන්ත්‍රාත් අනුව වැඩ කරන ‘පල් හොරුන්‘ කොමිසම තුළට රින්ගවූ බවද උන් වහන්සේ හෙළි කළේය.

පාස්කු ප්‍රහාරය පිළිබද කොමිෂන් වාර්තාව අති රහස්‍ය ලෙස ජනපතිවරයාට පමනක් ලබා දුන් වාර්තාවකි. නමුත් ගෝඨාගේ ප්‍රතිරූපයට වාසි වන කරුනු මේ වන විට මාධ්‍යට ලීක් වී ඇත. උදාහරණයක් ලෙස Gross negligence (බරපතල නොසලකා හැරීම) යටතේ සිරිසේනට එරෙහිව නීති මගින් කටයුතු කළ යුතුය යන නිර්දේශ මාධ්‍යට ලීක් විය.

පාස්කු ප්‍රහාරය පිළිබදව ජනාධිපති කොමිසම හොරාගෙන් අම්මාගෙන් පේන අහනවා වැනි එකකි. නන්දසේන පාස්කු කොමිසමට තමන්ගේ හිතෛෂීන් පත්කළා පමනක් නොව එහි සිදුවන දෑ අධීක්ෂණය කිරීමට කොමිසමට ඉහලින් කුප්‍රකට බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සැලේ සහ හමුදාපති පත් කළේය.

කරුණු එසේ වූ හෙයින්, එහි සාක්ෂි දුන් ඇතැම් පුද්ගලයන්ගේ සාක්ෂි ඉවත් කොට ඇත. සහරාන්ගේ බිරිද දුන් සාක්ෂිය උදාහරණයකි. ප්‍රහාරයට පෙර කොළඹින් පැමිනි සිංහල පිරිස් සහරාන් හමුවනවා තමා දු‍ටු බව ඇය කීවාය. ඇතැම් පුද්ගලයන්ගේ නම් හැඩරුව පවා හෙළි කළාය.

පුලස්තිනී රාජේන්ද්‍රන් ඉන්දියාවට පැන ගිය අයුරු ගැන හෙළි වූ සියලු කරුණු වාර්තාවේ නැත. දෙහිවල බෝම්බකරුගේ දුරකථන ඉතිහාසය වාර්තාවේ නැත. සහරාන්ගේ බිරිද දුන් සාක්ෂි වාර්තාවේ නැත . අවසානයේ ඇය සුදු වෑන් එකකින් ( ගිලන් රථයකින් )සහරාන්ගේ බිරිද අතුරුදහන් කළේය

ගෝඨාගේ ‘කප්පම් දසයා’ බේරාගැනීමට ගොස් කට වැරදී හිරේ ගිය ඥානසාර හිමි සිවුරු පොරවා යලි සසුන් ගත කළේ සිරිසේනය.හිරෙන් නිදහස්වූ ඥානසාර හිමි නන්දසේනට වඩා සිරිසේනට ලෝයල්ය.

එමනිසා මෙම මාධ්‍ය සාකච්ඡාව සිරිසේනගේ දැණුම මත පැවැත්වූ බව අනුමාන කළ හැක. රාජගිරිය නාවල පාරේ පිහිටි ශී‍්‍ර සද්ධර්මරාජික විහාරස්ථානයේ මෙම මාධ්‍ය හමුව පැවැත්වුණි. නන්දසේන විසින් යට ගහන පාස්කු ප්‍රහාරයේ සත්‍ය ගැන සිහින් කෙඳිරිල්ලක් හෝ නැගීම ගැන සමස්ථ ජාතිය ඥානසාර හීමිට කෘතඥ විය යුතුය
 
 

Add Comment