විමල්ගේ පිල ජනපති හමුවීමට යයි , නන්දසේන බෑ කියයි – ‘ලපයි සිපයි’ කල්ලියේ hot news මෙන්න

විමල්ගේ පිල ජනපති හමුවීමට යයි , නන්දසේන බෑ කියයි – ‘ලපයි සිපයි’ කල්ලියේ hot news මෙන්න image 39

බැසිල්ගේ පාර්ලීමේන්තු සම්ප්‍රාප්තිය පිළිබදව කන වැකුණු විමල් වීරවංශ බියෙන් තැති ගත්තේය. විමල් බිය වූයේ අන් කිසිවක් නිසා නොව බැසිල් ආවොත් ලෙහෙසියන් පහසුවෙන් කළ හැකි බඩ රස්සාව අහිමි වන නිසාය.

බැසිල් රාජපක්ෂ යනු මැදමුලන දේශපාලනයේ වෙනස් මිනිසෙකි. බැසිල් මහින්ද මෙන් පන්සල් වන්දනාව කරන්නේ නැත, පඩයක් ගියත් පිරිත් නූල් බඳින්නේ නැත . නන්දසේන මෙන් මිත්‍යාදෘෂ්ඨික ඥානක්කලා සරණ යන්නේ නැත. වීරවංශලා මෙන් වෘත්තියක් ලෙස ජාතිවාදය, බටහිර විරෝධය අවුළුවන්නේ නැත.

ඉහත සඳහන් කරුණ සහ තවත් කරුණු බොහොමයක් නිසා බැසිල්, විමල් වීරවංශ සමග එක වේදිකාවක දේශපාලනය කිරීමට සූදානම් නැත. බැසිල් නන්දසේනගේ style එක අනුමත කරන්නේද නැත. මහින්දගෙ දේශපාලනය සමගද ගැ‍ටුණ තැන් බොහෝය.

බැසිල් විමල්ට පහර දීම නාටකයක් නොව සත්‍ය සිදුවීමකි. බැසිල්ගේ පාර්ලීමේන්තු සම්ප්‍රාප්තිය සිදු වන්නේ විමල් වැනි ව්‍යාජ දේශප්‍රේමීන්, නලින් සිල්වා වැනි පිස්සන් අතුගා දැමූ භූමියක පමනි. පොහොට්‍ටුවෙන් විමල් එළවා දැමීමටත් බැසිල් පිළිගැනීමටත් සැදී පැහැදී සිටින මන්ත්‍රීවරු බොහෝය. එය දිනෙන් දින වැඩි වනවා මිස අඩු වීමක් නැත.

නමුත් විමල්ගේ පිලෙන් දවසින් දවස කෑලි හැලෙනවා මිස අනාගතයක් නැත. විශ්‍රාම ගැට්ටේ සිටින මහින්දට විමල් ආරක්ෂා කිරීමේ පිස්සුවක් නැත. මහින්ද කරන්නේ එදා වේල මිෂන් වලට විරවංශ මෝලා කඩේ යැවීම පමනි. සට කපට විමල්ට මෝඩ නන්දසේන ගොනාට ඇන්ඳවිය හැකි නමුදු බැසිල් නිසා එය කළ නොහැක.

විමල් හැදූ ”ලපයි සිපයි” කල්ලියෙන් බොරළුගොඩ පින්පියා මේවන විටත් හැලී ඇත. තවද ”ලපයි සිපයි කල්ලිය” පක්ෂ 12ක එකමුතුවක් බව විමල් කීවද එහි සිටින ඇතැමුන් බෑසිල්ගේ ඔත්තු කරුවන්ය. විමල්ගේ ‍රැස්වීම් වල කරන කියන සියළු දෑ පටිගත කොට බැසිල් අතට පත් කරන්නේ ඔවුන්ය.

ලපයි සිපයි කල්ලියේ අභ්‍යන්තර තොරතුරු බැසිල් අතට පත් කරන ප්‍රධානම ඔත්තුකරුවා ගම්මන්පිලය. ටිරාන් අලස් සහ අතාවුල්ලාද බැසිල්ට හොද සේවයක් කරයි

පසුගිය 14 වනදා විමල්ගේ ”ලපයි සිපයි” කල්ලිය නන්දසේන හමුවීමට අවස්ථාවක් ඉල්ලා සිටියේය. ඔවුන් කළ ඉල්ලීම ජනාධිපති නන්දසේන ප්‍රතික්ෂේප කොට ඇත. විමල්ගේ ” ලපයි සිපයි” කල්ලිය වෙනම හමුවීමේ අවශ්‍යතාවයක් නැති බව නන්දසේන දන්වා ඇත.

Add Comment