දේශ ද්‍රෝහීන් රජවූ රටක දේශප්‍රේමීන්ට අත් වූ ඉරණම

දේශ ද්‍රෝහීන් රජවූ රටක දේශප්‍රේමීන්ට අත් වූ ඉරණම himi 1

සහ්රාන්ගේ කල්ලිය කල්ලිය පිළිබදව වැදගත්ම හෝඩුවාව දුන් පුද්හලයා මොහොමඩ් රාසික් මොහොමඩ් තස්ලිම්ය. නම් ගම් සහිතව සහ්රාන්ගේ කල්ලිය ගැන ඔහු පොලීසියට ඔත්තුව ලබා දුන්නේ පෙබරවාරි 21 දිනය .බුදු පිලිම විනාෂ කරමින් සහරාන් ආරම්භ කල ජිහාඩ් සංග්‍රාමයයක් පිළිබදව තස්ලිම් හෙළිදරව් කළේය. ඉස්ලාම් දහම පිළිම වන්දනාව ආනන්තරීය පාප කර්මයක් සහ සර්ව බලධාරී දෙවියන්ට කරන නින්දාවක් ලෙස සළකයි. මේ නිසා ඉස්ලාමීය අන්තවාදීන් පිළිම වන්දනා කරන ආගමිකයන් යක්ෂ බවේගයන් ලෙස සලකයි . (Satanic Religions). තවද එවන් ආගමිකයන් විනාශ කිරීමෙන් පවක් සිදු නොවන බව සහ එය ස්වර්ගයට දොර විවර කරනා මහා “ධර්ම සංග්‍රාමයක්” (Jihad) ලෙස විශ්වාස කරයි. 

තස්ලීම් සහරාන් පිළිබදව  පිලිබදව ඔත්තුව මුලින්ම දුන්නේ  කබීර් හෂීම් ඇමති වෙතය. බුදු පිළිම කැඩීම පිළිබදව දන්නා තොරතුරු වහාම පොලීසිය වෙත දැනුම් දෙන ලෙස කබීර් හෂීම් කියා තිබුනි. ඒ වන විට පොලිස් පරීක්ෂක මාරසිංහ යටතේ විශේෂ කන්ඩායමක් මාවනැල්ලට පැමින තිබූ අතර තස්ලීම් සහරාන් කල්ලිය පිලිබදව මාරසිංහට දැනුම් දුන්නේය. ඒ අනුව බුදු පිලිම කැඩූ සහරාන්ගේ කල්ලියේ  සාහිද් සහ සාදික් මාවනැල්ලේදී අත් අඩංගුවට පත් පත් විය. පුත්තලමේ ත්‍රස්ත  කදවුර හෙලිදරව් කලේද මාවනැල්ලේදී අත් අඩංගුවට ගත් සාහිද් සහ සාදික් ය. එම සිද්ධියෙන් දින 2ක් ගත වෙත්ම තස්ලීම් සොයා පැමිනෙන සහරාන්ගේ කල්ලිය  ඔහුගේ හිසට වෙඩි තබා පලා යන්නේය. නමුත් හාස්කමකින් මෙන් හිසට වෙඩි වැදුනු තස්ලීම්ගේ ජිවිතය බේරුනේය. මාස 5 පමන කථා කිරීමටවත් නොහැකි වූ ඔහුට දැන් යාන්තමින් කථා කල හැක.

සහ්රාන්ගේ ජිහාඩ් යුද්ධය පිළිබදව ප්‍රභලතම සාක්ෂිය හෙළිදරව් වූයේ මාවනැල්ලෙනි. මෙ පිළිබදව ඔත්තුව දුන් තස්ලීම් කියන්නේ තමන් ලබා දුන් ඔත්තුව පිලිබදව ආරක්ෂක අංශ නිසි අවධානය යොමු නොකල බවය. එපමනක් නොව එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ බොහෝ සමාජ ජාලා ක්‍රියාකාරීන් බුදු පිළිම කැඩීමේ සිද්ධිය මුලුමනින්ම මහින්දගේ ගිනුමට බැර කලෝය. රාජපක්ෂලා- සිරිසේනලා එකතුව පෙන්වූ නාමල් කුමාර පන්නයේ  නාටක නිසා සාමාන්‍ය මිනිසුන් එසේ සිතීමට පෙලඹුනා විය හැක. අවසානයේ මෙවන් නාටක නිසා ” කොටි ආවෝ ” කියා කෑ ගැසූ  ලමයාට අත්වූ සන්තෑසිය  රටේ ජනයාට අත් විය. පාස්කු දින  සිදුවූ ව්‍යවසනයට පක්ෂ විපක්ෂ කොයි කවුරුත් වග කිව යුතුය.

අද තස්ලීම් යාන්තමින් වචන කිහිපයක් ගැට ගසා කථා කෙරුවද ඔහුට ඇවිදීමට බැරිය. ජීවත් වීමට මාර්ගයක් නැත. මහා ව්‍යවසනයක් පිලිබද නිවරදිම සහ ප්‍රභලම බුද්ධි තොරතුර ලබා දුන් තස්ලීම් අසරණ වී ඇත. ඔහු තිදරු පියෙකි. එක් තැන් වූ පියා දෙස බලමින් දරුවන් තිදෙනා සහ බිරිද දිවා රෑ සුසුම් ලන්නේය. රටේ නියම දේශප්‍රේමීන් මොවුන්ය. නියම බුද්ධි අංශ සාමාජිකයින් මොවුන්ය. නමුත් නියම දේශ ප්‍රේමීන් , නියම බුද්ධි අංශ සාමාජිකයින් ගැන කථා කිරීමට කිසිවෙකු නැත. සේනාධිනායකයා, බුද්ධි අංශ ප්‍රධානියා, ආරක්ෂක ලේකම් ඇතුලු සමස්ථ ආරක්ෂක අංශය ක්‍රියා කළ ආකාරය සහ ක්‍රියා කරන ආකාරය ගුජුප්සාජනකය. රටේ ජනාධිපති අදටත් ආරක්ෂා කිරීමට වෙර දරන්නේ තස්ලීම් වැනි නියම වීරයන් නොව වගකීම පැහැර හැරි ආරක්ෂක අංශ ප්‍රධානීන්ය.

එපමනක් නොවේ ! දේශප්‍රේමය පුද්ගලික බූදලයක් ලෙස මුහුනු පොත හරහා සිය නමට ලියා ගත් ජාතියේ මුර දේවතාවුන් තස්ලීම් නැමති නියම දේශ ප්‍රේමියා නුදු‍ටුවේද ?

සංහිදියාව ගැන කදුළු සැලූ මුස්ලිම් නායකයන්, පූජකයන් තස්ලීම් නැමති දේව දූතයා නුදු‍ටුවේද ?

එසේනම් බලා වැලපෙමු  කිසිදා ගොඩ ගත නොහැකි රටක ඛේදවාචකය!

By- තුෂාරා වන්නි ආරච්චි