එ.ජා මානව හිමිකම් සැසියට බියවූ ගෝඨා කප්පම් දසයා ගෙදර යවයි

එ.ජා මානව හිමිකම් සැසියට බියවූ ගෝඨා කප්පම් දසයා ගෙදර යවයි image 46

කප්පම් දසයා නොහොත් රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායක පෙබ 16 වනදා සිට ක්‍රියාත්මකවන පරිදි නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ගන්වා තිබේ. අහිසංක තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන කප්පම් ගෙන මරාදැමීම පිලිබද ප්‍රධාන චූදිතයා මොහුය .

කප්පම් දසයාට එරෙහිව නඩු පැවරුවේ යහපාලන කාලයේ නොව ගෝඨාභය ආරක්ෂක ලේකම් ලෙස සිටින කාලයේදීය . කප්පම් දසයා ගැන වැඩිදුර පරීක්ෂණ කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග දුන්නෙද ගෝඨාබයමය

එම නිසා මෙම නඩුව දේශපාලන පලිගැනීමක් කියා විසි කළ නොහැක.

තවද ජිනීවා මානව හිමිකම් සැසිය තුල බෙල්ලටම හිරවී ඇති ලංකාවට මෙවන් මිනීමරුවන් ආරක්ෂා කළ හැකි පසුබිමක් නොමැත. ජිනීවා මානව හිමිකම් රැස්වීමට පෙර මිනීමරු සාහසික අපරාධ චූදිත ඩී.කේ.පී දසනායක විශ්‍රාම ගැන්වූයේ එහෙයිනි.

කප්පම් දසයා ගැන සත්‍ය කථාව කියවන්න ( මෙය උපුටා ගැනීමක් බව කරුණාවෙන් සලකන්න )

සම්පත් මුනසිංහ, ඩී.කේ.පී දසනායක සහ කරන්නාගොඩ..

2005 – 2009 කාලයේ නන්දසේනගේ අනුදැනුම මත අනීතක  සන්නද්ධ  බුද්ධි අංශ ගණනාවක් ක්‍රියාත්මක විය. සම්පත් මුනසිංහ සහ ඩී.කේ.පී දසනායක යටතේ නාවික සන්නද්ධ ඒකකයක් ක්‍රියාත්මක විය.  ඩී.කේ.පී  දසනායක එවක නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක වූ අතර සම්පත් මුණසිංහ කරන්නාගොඩගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා විය.  මෙම ඒකකය කරන්නාගොඩගේ අණ යටතේ ක්‍රියාත්මක විය.  

යුද්ධය පැවැති සමයේ එල්.ටී.ටී.ඊ සංවිධානය කොළඹ සිටි දෙමළ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගත්තේය. ඊට පිළියමක් ලෙස එල්.ටී.ටී.ඊ යට  කප්පම් ගෙවනවා යැයි සැක කළ ව්‍යාපාරිකයන් හමුදා බුද්ධි අංශ වලින් පැහැරගෙන ගොස් ඔවුන්ගෙන් කප්පම් ගත්හ. හමුදාව පැහැරගත් ව්‍යාපාරිකයන් 99% ක් එල්.ටී.ටී.ඊ යට කප්පම් ගෙවූ අය නොව අහිංසකයන්ය.  කප්පම් ගත්තා පමනක් නොව අහිංසකයන් ගණනාවක් නිරපරාදේ මරා දැමූහ 

කප්පම් ගැනීම සඳහා අහිංසක තරුණයන් 11දෙනෙකු පැහැර ගැනීම.. 

2008 අගෝස්තු 08 වෙනිදා සිට සැප්තැම්බර් මස 17 වෙනිදා අතර කාලය තුළදී කොටහේන, වැල්ලවත්ත, ඇතුළු ස්ථාන කිහිපයක දී තරුණයන් 11දෙනෙකු පැහැර ගැනීමට ලක් විය. මොවුන් එල්.ටී.ටී.ඊ සංවිධානයට කිසිදු සම්බන්ධයක් නැති අහිසකයන්ය. පැහැර ගැනීම සඳහා නියෝගය දුන්නේ ඩී.කේ.පී දසනායක සහ සම්පත් මුනසිංහ ය. පැහැරගත් තරුණයින් මුලින්ම රඳවා තැබුවේ කොළඹ නාවික හමුදා කදවුර තුලය. තරුණයන් එහි රඳවා තැබූ කාලයේදී දෙමාපියන්ට බැලීමට නොහැකි වුවද ජංගම දුරකථනයක් හරහා ඔවුන් සමග කථා කළහ. SMS යැවූහ. ඔවුන් රඳවා සිටින්නේ ඩී.කේ.පී. දසනායක භාරයේ බව තරුණයන් දෙමාපියන්ට කෙටි පණිවිඩ මගින් දන්වා ඇත. 

කප්පම් දසයාට එරෙහි අති ප්‍රබල සාක්ෂි..

මේ අතර එක් තරුණයෙකුගේ පියෙක් අදාල පැහැර ගැනීම ධීවර ඇමති ෆීලික්ස් පෙරේරාට දැන්වූයේ ය. වහාම ක්‍රියාත්මක වූ ෆීලික්ස් පෙරේරා ඔහුගේ හිතවතෙකු වූ රියර් අද්මිරාල් ශාමල් ප්‍රනාන්දුට කථා කොට නාවික හමුදා පැහැර ගැනීම ගැන විමසුවේය. කරුණු සොයා බැලූ ශාමල් ප්‍රනාන්දු පැහැර ගැනීම සත්‍ය බවත් පැහැර ගත් තරුණයන් කොළඹ රඳවා සිටින බවත් තහවුරු කළේය. ඉන් අනතුරුව ෆීලික්ස් පෙරේරා පැහැර ගැනීම පිළිබඳව කරන්නාගොඩගෙන් විමසුවේය .    

කරන්නාගොඩ වහාම ෆීලික්ස් පෙරේරාගේ විමසීම ඩී.කේ.පී. දසනායකට දන්වා යැවූ  අතර ඒ සමගම කොළඹ සිටි තරුණයින් ත්‍රිකුනාමළය කඳවුරට මාරු කිරීම සිදුවිය. තරුණයින් ත්‍රීමලය කඳවුරට මාරු කළ පසුද ජංගම දුරකථන හරහා දෙමාපියන් සමග කථා කළේය, SMS  හුවමාරු වූයේය. මේ අතර පැහැරගැනීමට ලක් වූ තරුණයන්ගේ දෙමව්පියන්ගෙන් තිදෙනෙකුගෙන් රු. ලක්ෂ 40, ලක්ෂ 10 , ලක්ෂ 5 ලෙස කප්පම් ගත්තේය. මේ වනවිට කප්පම් මුදල් ගත් නාවික හමුදා සාමාජිකයන් හඳුනා ගැනීමේ පෙරට්‍ටුවක දී හඳුනාගෙන ද අහවරය. දෙමාපියන් රවටා කප්පම් මුදල් ගත් පසු ත්‍රිකුනාමලය නාවික හමුදා කඳවුර තුලදී තරුණයන් ඝාතනය කළේ ය. ඔවුන්ගේ සිරුරු බෑග් වල දමා තිබූ බවට නාවික නිලධාරී ක්‍රිෂාන්ත වෙලගෙදර සාක්ෂි දී ඇත.  

කප්පම් සිද්ධිය ගැන පරීක්ෂණ CID යට බාර දීම..

ෆීලික්ස් පෙරේරාගේ අතපෙවීමෙන් කරන්නාගොඩ කුපිත වූ අතර ඔහුට තොරතුරු දුන්නේ කවුද යන්න සොයා බලන ලෙස ඩී.කේ.පී. දසනායකට දැන්වූයේය. පැහැරගත් තරුණයන් පිළිබඳව ජේ.ජේ. රණසිංහ නමැති නාවික නිලධාරියා කරුණු විමසා ඇති බව දසනායක සොයා ගත්තේය. රියර් අද්මිරාල් ශාමල් ප්‍රනාන්දු වෙනුවෙන් තොරතුරු විමසා ඇත්තේ රණසිංහ ය.  ඒ සමගම ජේ.ජේ. රණසිංහ හඹා ගිය දසනායක සහ සම්පත් මුනසිංහ ඔහුව මරා දමන බවට තර්ජනය කළේය.

ජේ.ජේ. රණසිංහ තමන්ට එල්ල වූ මරණ තර්ජනය පිළිබඳව කරන්නාගොඩට සමීප නිලධාරියෙකු වූ එම්.යූ.කේ. බන්ඩාරට රපෝර්තු  කළේය. ඉන් අනතුරුව රණසිංහ සහ බණ්ඩාර දෙදෙනා සම්පත් මුනසිංහගේ තක්කඩිකම් කරන්නාගොඩට වාර්තා  කළෝය. නමුත් කරන්නාගොඩ ඒවා විශ්වාස කළේ නැත. 

ඒ වනවිටත් සම්පත් මුනසිංහ කරන්නාගොඩගේ බිරිඳ සේම ඇයගේ නැගනිය සමග ද අනියම් සබඳතා පවත්වමින් සිටියේ ය. ජේ.ජේ. රණසිංහ සහ  එම්.යූ.කේ. බන්ඩාර දෙවැනි වරටත් කරන්නාගොඩ හමුවූ අතර සම්පත් මුනසිංහගේ අනියම් පෙම් කෙළිය සාක්කි සහිතව කරන්නාගොඩට පැවසුවේය. අනියම් පෙම් කථාව ඇසීමෙන් කරන්නාගොඩ  පරල විය. කරන්නාගොඩ සම්පත් මුනසිංහ සොයා යන  විට ඔහු පැන ගියේය. 

කප්පම්කරුවන් ගැන විමර්ෂන කිරීමට නියෝග දුන්නේ ගෝඨාම ය.. 

පැන ගිය සම්පත් මුනසිංහගේ කාමරය නාවික හමුදා පොලීසිය යොදවා සෝදිසි කළ අතර එහි තිබී පැහැර ගැනීමට ලක්වූ තරුණයන්ගේ හැඳුනුම්පත්, මුදල් පසුම්බි, කරන්නාගොඩගේ බිරිඳ සහ සම්පත් මුනසිංහ අතර හුවමාරු වූ හසුන් පත්, තෑගි බෝග ‍රැසක් සොයා ගත්තේය. සොයා ගත් දෑ CID ට බාර දුන් නාවික හමුදාව  සම්පත් මුණසිංහ පිළිබඳව පරීක්ෂන කරන ලෙස ඉල්ලා සිටියේය.  සම්පත් මුනසිංහ පිලිබඳව එක්වරම පරීක්ෂන ආරම්භ නොකළ CID ය  එවක ආරක්ෂක ලේකම් වූ ගෝඨාභයට ලිපියක් යවා උපදෙස් පැතුවේ ය. තරුණයන් පැහැර ගැනීම පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කරන ලෙස ගෝඨාභයගේ අත්සනින් ලිපියක් ලැබුනේය. තරුණයන් 11 දෙනාගේ පැහැර ගැනීම පිළිබඳ පරීක්ෂන ඇරඹෙන්නේ යහපාලන ආණ්ඩුවේ නියෝගයකින් නොව ගෝඨාභයගේ නියෝගයෙනි.

බොරුව සහ ප්‍රෝඩාව ආගම කොටගත් කප්පම් දසයා..

විමර්ශන සිදුවන අතර වාරයේ දී කප්පම් දසයා හමුදා පුහුණුවකට විදේශ ගත වීමට සැරසුනේය.  නමුත් ඒ වන විට ඔහුට ගමන් තහනමක් පනවා තිබුණි. කප්පම් දසයා ඊට එරෙහිව මෝසමක් දමා විදේශ ගත වීමට ඉල්ලුම් කළේය. ඒ අනුව විනිසුරු ලංකා ජයරත්න කප්පම් දසයා ගැන වාර්තාවක් කැඳවූයේය. අපරාධ වාර්තාව විනිසුරුට ලැබීමත් සමග කප්පම් දසයා අත් අඩංගුවට ගැනීමේ නියෝගයක් නිකුත් කෙරිණ. වහාම ක්‍රියාත්මක වූ කප්පම් දසයා බොරු අසනීපයක් පෙන්වා වැලිසර නාවික හමුදා රෝහලට ඇතුල් විය. ඉන්පසු ඔහු උසාවියට ආවේ රෝද පු‍ටුවෙනි.  විදේශ පුහුණුවකට යාමට සැරසුන පුද්ගලයා හදිසියේ රෝද පු‍ටුවට වැටීම ගැන  තරුණයන් 11 වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අචලා සෙනෙවිරත්න සැක කළා ය. කප්පම් දසයා අධිකරණ වෛද්‍යවරයෙකුට පෙන්වන ලෙස ඇය ඉල්ලීමක් කළාය . කප්පම් දසයා පරීක්ෂා කළ අධිකරණ වෛද්‍යවරු මේ තක්කඩියාට කිසිදු ලෙඩක් නැති බව සහතික කළහ. නීතිය ක්‍රියාත්මක වෙන රටක නම් කප්පම් දසයාට  Malingering යටතේ තවත් චෝදනාවක් ගොණු කළ යුතුව තිබුණි. කෙසේ වුවද එවක ජනාධිපති සිරිසේනගෙන් සහ කරන්නාගොඩගෙන් ලද අනුග්‍රහය නිසා නීතියේ ‍රැහැනින් පලා යාමට කප්පම් දසයා සමත් විය.  

ත්‍රිකුනාමලය නාවික කඳවුරේ රඳවා සිටි තරුණයන් ඝාතනය සඳහා නියෝග දී ඇත්තේ ඩී.කේ.පී. දසනායකය. එය කරන්නාගොඩගේ අනුදැනුම මත සිදුවූවක් බවට සාක්ෂි ඇත. කරන්නාගොඩගේ පැවැත්මට ඩී.කේ.පී. දසනායකට සුඛ විහරණ සැදිය යුතුය. දසයා කට ඇරියොත් කරන්නාගොඩ කපෝතිය. යහපාලන ආණ්ඩු කාලයේ සිරිසේනට කනපින්දම් කියමින් කප්පම් දසයා බලා ගත්තේ කරන්නාගොඩ ය. එකට ජඩ වැඩ කළ කරන්නාගොඩ සහ දසනායක  අතර ඇත්තේ අමුඩය සහ පුක මෙන් බැඳීමකි. කප්පම් දසයා නාවික හමුදාපති ලෙස පත් කිරීමට ඥානක්කා සමහ කරන්නාගොඩ ද වෙහෙසෙයි. 

ඥානක්කාගේ උපදෙස් පරිදි  කප්පම් දසයා යැවූ ලිපිය.. 

අද වන විට ඩී.කේ.පී. දසනායක යලි සේවයේ පිහිටුවා ඇත. ඔහු ඥානක්කාගේ  උපදෙස් පරිදි  ”අහිමි වූ සේවා කාලය යලි ලබා ගැනීම” යන ශීර්ෂය යටතේ සේවා දිගුවක් ඉල්ලා ඇත. නඩු හබ නිසා රට ජාතිය වෙනුවෙන් සේවය කිරීමට තිබූ කාලයෙන් වසර එක හමාරක් අහිමි වූ බව එම ලිපියේ සඳහන් කොට ඇත.  එහෙයින් රට ජාතියට සේවය කිරීමට රිමාන්ඩ් සිටි කාලය යලි  ලබා දෙන ලෙස ඔහු ඉල්ලා ඇත.  

ඩී.කේ.පී. දසනායක මාස 8 ක පමන කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටියේය . මාස 6 ක පමන කාලයක් සේවය අත්හි‍ටුවා තිබුනි. ඩී.කේ.පී.  දසනායක රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට උසාවි නියෝග ලැබුන ද මොහු සිටියේ වැලිසර නාවික කඳවුරේ VVP රෝහල් කාමරයක ය. ඕනෑම අයෙකුට එහි පැමිණිය හැකි විය. කෑම බීම පමණක් නොව ලෑමද එහි විය. දසනායකගේ පවුලත් වැලිසර කඳවුරේ Full furnished VIPබංගලාවක් ලැබුණි. සම්පූර්ණ වැ‍ටුප ලැබුණි. චූදිත කප්පම් දසයා නිර්දෝෂී නිලධාරියෙකුටත් හිමි නොවන වරප්‍රසාද භුක්ති වින්දේය.

යාත්‍රා සහ නාවික සෙබළුන් බිලි දී ලකුණු දා ගැනීමට කළ මෙහෙයුම..

හතර වන ඊලාම් යුද්ධය තුල හමුදාපතිවරුන් වූ සරත් ෆොන්සේකා සහ කරන්නාගොඩ  අතර තිබූ ගැ‍ටුම ප්‍රසිද්ධ කථාවකි. හතර වන ඊලාම් යුද්ධයේ අවසන් අදියරට එන විට යුද්ධයේ සමස්ත ගෞරවය යුධ හමුදාව විසින් දිනාගෙන තිබුණි. ආරක්ෂක කවුන්සිලය තුල පම්පෝරි ගසමින්, දෙපැත්ත කොටවමින් සිටි කරන්නාගොඩට එය බලවත් පහරක් විය. යුධ හමුදාව විසින් ප්‍රභාකරන් ඇතුලු  එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් මුලතිව් වෙරළ තීරයේ ප‍ටු  බිම් තීරයකට කො‍ටු කර තිබෙන විට කරන්නාගොඩගේ අදහසක් අනුව නාවික හමුදාව ලකුණු දමාගැනීමේ මෙහෙයුමකට සූදානම් විය. එම මෙහෙයුම සඳහා අණ දීමට කරන්නාගොඩ තොරාගත්තේ යුද්ධය පැවති සමය පුරා කැමරා ඉදිරියේ කථා පැවැත්වූ ඩී.කේ.පී දසනායකය.  මුලතිව් බලාගිය දසනායක නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බළඝනයේ යාත්‍රා 2 ක් සහ නාවික සෙබළුන් පිරිසක් එල්.ටී.ටී.ඊයට බිලිදෙන ගොබ්බ මෙහෙයුමක් සැලසුම් කළේය. කෙසේ වුවද නාවික හමුදාවේ අභ්‍යන්තරයෙන්ම ඇතිවූ විරෝධයක් හේතුවෙන් ලකුණු දමා ගැනීමේ මහා මෙහෙයුම වෝටර් ජෙට් 2 ක් යොදාගනිමින් කරන සීමිත මෙහෙයුමකට සීමා විය. නමුත් ඒ ව්‍යාජ මෙහෙයුම නිසා නාවික හමුදා සාමාජිකයන් 9 ක් සහ වෝටර් ජෙට් 2 ක් රටට අහිමි විය. ඩී.කේ.පී. දසනායක එම ව්‍යාජ මෙහෙයුම පිට දමා  battle promotion එකක්  ලබා ගැනීමට තැත් කළේය. 

කප්පම් දසයා යලි මකා දැමිය නොහැකි කළු පැල්ලමකි.. 

වත්මන් නවික හමුදාපතිගේ සහ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානියාගේ ධූරකාලය ලබන මාර්තු වලින් අවසන් වීමට නියමිතය. යම් හෙයකින් කප්පම් දසයාට සේවා දිගුවක් ලද හොත් නිසැකවම මීලඟ නාවික හමුදාපති ඔහු ය. ඒ අනුව පැහැර ගැනීම, කප්පම් ගැනීම, මිනීමැරීම යටතේ අධිචෝදනා ලැබ සිටින අයෙක් නාවික හමුදාපති ධූරයට පත්වන ලෝකයේ පළමු රට බවට ලංකාව පත්වනු ඇත. ගෝත්‍රික අප්‍රිකානු රටවලටත් වඩා මෙසිරි ලංකාවේ හමුදාව හෑල්ලු වනු ඇත. කීර්තිමත් ඉතිහාසයක් ඇති නාවික හමුදාවට මකා දැමිය නොහැකි කළු පැල්ලමක් එක් වනු ඇත. කරුණු එසේ හෙයින් කප්පම් දසයාට නාවික හමුදාව තුල තව දුරටත් වසුරු හැලීමට ඉඩ නොදී වහා ගෙදර යවා මහ උළු ගෙදරට ද යැවිය යුතුය.

Add Comment