නන්දසේන ඔහේගේ ගමේ උන් උපවාස කරන්න යනවා – බැලුවේ නැතෙයි ඔහේගෙ ‘දිවයින’ පත්තරේ !

නන්දසේන ඔහේගේ ගමේ උන් උපවාස කරන්න යනවා – බැලුවේ නැතෙයි ඔහේගෙ ‘දිවයින’ පත්තරේ ! image 47

නන්දසේන ජනාධිපති කිරීම ජාතිවාදය අවුස්සමින් දිවා රෑ වෙහෙසුන පුවත්පත් අතර ප්‍රධානතම පුවත්පත දිවයිනය. නන්දසේනගේ උපන් ගම් ප්‍රදේශයේ ගොවීන්ගේ ගැටළු වලට විසදුම් නොලැබීම නිසා මාරාන්තික උපවාසයකට සැරසෙන බව ගෝඨාණ්ඩුව හිතවාදී දිවයින වාර්තා කොට ඇත.

” ගම සමග පිළිසඳරක් ” වැනි සංදර්ශන , නන්දසේන ඒවායේ පත්වන කථා ප්‍රෝඩාවක් බව මෙවැනි සිදුවීම් වලින් පැහැදිළි වෙයි . ගැමි වහරේ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියන්නේ මෙවැනි නාඩගම් වලටය

අදාල පුවතේ උපුටා ගැනීම පහතින් දැක්වෙයි

හම්බන්තොට යෝජිත වන අලි කළමණාකරණ රක්ෂිතය ගැසට් කර දිස්ත්‍රිකයේ පවතින වන අලි ගැටළුවට මෙම මස 22 වැනිදා වන විට රජය විසඳුමක් නොදුනහොත්  23 වැනිදා දහවල් සිට යළි මාරාන්ති උපවාසය ආරම්භ කරන බව වලව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති එස්.කේ.මහින්ද සමරවික්‍රම මහතා අද (18) පැවසීය. මසක් තුළ විසදුම් ලබා දෙන බවට රජය පොරොන්දුවක් ලබා දී මේ වන විට දින 26ක් ගතවි ඇත.

Add Comment