ඉහළ ඇවරිය අවදි කිරීම මිස බුරන බල්ලන්ට ගල් ගැසීම අපගේ කාර්ය නොවේ

ඉහළ ඇවරිය අවදි කිරීම මිස බුරන බල්ලන්ට ගල් ගැසීම අපගේ කාර්ය නොවේ image 48

යහපාලන රජය යනු ජනතා විප්ලවයකින් බලයට පත්වූ රජයකි . නමුත් පාලකයන්ට එකී ජනරජය ‍රැක ගත නොහැකි විය. රාජපක්ෂ රෙජීමය සංවර්ධනය මුවාවෙන් සිදුකළ දූෂණය පි‍ටුදැකීම ජනවාරි 8 විප්ලවයේ තේමාව විය. 62 ලක්ෂයක් ජනයා විප්ලවයට එක් විය. විප්ලවය ජයගත් පසු ජනතා අභිලාශ අමතක කළ නොහැක. නමුත් යහපාලන නායකයන්ට ජනතා අභිලාශ අමතක විය. රනිල් හොරු අල්ලන මෙහෙයුම රන්ජන්ලාට ශානිලාට පවරා අත සෝදා ගත්තේය. සජිත් ඊටත් එහා නිවටයෙක් විය. සජිත් ජනපති අපේක්ෂකයා ලෙස නිවට නියාලු කථාවක් කීවේය. තමා ජයගත් පසු රටේ හොරු අල්ලන මෙහෙයුම බාර දෙන්නේ රන්ජන්ට යයි කීවේය.

එජාපය සහ සජබය තරම් කුහක දේශපාලන කඳවුරක් ලෝකයේම නැත.

කෙසේ වුවද රත්‍රන් අශ්වයන් , ලැම්බොගිණි ගැන කියමින් බලයට ආ යහපාලකයන් ජයගත් පසු වගවීම , ජනතා අභිලාශ අමතක කළේය. රන්ජන්ලා ශානිලා එකී ජනතා අභිලාශය වෙනුවෙන් පෙනී සිටියහ. එපමනක් නොව ඔවුන් ඒ වෙනුවෙන් බෙල්ල දුන්හ. උසාවියට අපහාස කළා යයි රන්ජන්ට බරපතළ වැඩ සහිත වසර 4 ක සිර දඬුවමක් නියම කෙරුණි. හිරේ විලංගුවේ වැ‍ටුන ශානිට විශ්‍රාම් වැ‍ටුපද අහිමි වී ඇත. එපමනක් නොවේ. අහෝ !විපක්ෂයේ සමාජ ක්‍රියාකාරීන්ට සහ දේශපාලකයන්ට මේ වන විට රන්ජන්ලා ශානිලා අමතක වී ඇත. එජාපය සහ සජබය තරම් කුහක දේශපාලන කඳවුරක්,කුඩුකේඩු ක්‍රියාධරයන් ලෝකයේම නැත.

එජාපය සජබය කුහක කුඩුකේඩු දේශපාලන කඳවුරක් වූයේ ඇයි ?

ආර්. ප්‍රේමදාස , ලලිත් , ගාමීනි වැනි දේශපාලකයන් එජාපයට අහිමිවීම ඓතිහාසික ඛේදවාචකයක් විය . මොවුන්ගේ අභාවයත් සමග පක්ෂයට ජනමූල නායකයන් නොමැති විය. එම හිඩස පිරවූයේ ජනමූල නායකයන් නොව රනිල් සජිත් වැනි පවුඩර් බේබිලාය. රනිල් ජනතා අභිලාශ වලට කන් දුන්නේ නැත. ඔහු විවිධ සම්යක්ප්‍රයෝග යොදමින් එජාප නායකත්වය ‍රැක ගැනීමට මාන බැලුවේය. සජිත් එජාප සාමාජිකත්වය ගත් ඊලග පැයේ සිට පක්ෂ නායකත්වය ඩැහැ ගැනීමට කුමන්ත්‍රණය කළේය. එවැනි නායකයන් සිටින පක්ෂයක බිම් මට්ටම කුණු වීම අරුමයක් නොවේ . එවැනි පක්ෂයක බිම් මට්ටමේ සහ සමාජ ජාලා ක්‍රියාධරයන් ලෝක කුහකයන් වීම අරුමයක් නොවේ.

රන්ජන්ලා සහ ශානිලා බෙල්ල දුන්නේ 62 ලක්ෂයේ අභිලාශ වෙනුවෙනි

2015 ජනවාරි 8 විප්ලවයේ නියමුවා ලෙස පත් කළ සිරිසේන සජිත් සමග එක්ව විප්ලවය පාවා දුන්නා පමනක් නොව දැන හෝ නොදැන රාජපක්ෂලාගේ ප්‍රතිවිප්ලවයේ කොටස් කරුවන් විය .දිවුරුමේ තීන්ත වේලීමටත් ප්‍රථම සිරිසේන- රාජපක්ෂ එක ගෙයි කෑම ආරම්භ විය. ඒ අතර සිරිසේන සජිත් සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියේය.රනිල්ගේ ගැලවිජ්ජාවට ඔහු ඩීල් කාරයෙක් විය . අවසානයේ හොරු ඇල්ලීම් පුස්සක් විය .හොරු ඇල්ලීම රන්ජන්ලාට , ශානිලාට සීමා විය

රන්ජන් සිරගත වූ පසු ඔහු නිදහස් කරන තෙක් තමා කළු සාටකයක් පලදින බව හරීන් කීවේය. හරින් එවැන්නක් කීම හෝ කිරීම පිළිබද විවේචනයක් නැත . රන්ජන්ලා ,ශානිලා වෙනුවෙන් වචනයෙන් හෝ යමක් කරන්නේ නම් එය අගේ කළ යුතුය. එසේනම් ගැටළුව කුමක්ද ? පාර්ලීමේන්තුව යනු නීති සම්පාදනය කරන ආයතනයයි. අධිකරණයට අපහාස කිරීම ලංකාවේ නීතිය තුළ නිශ්චිතව අර්ථ දක්වා නැත. ඒ පිළිබද ක්‍රියාපටිපාටිය දැක්වෙන නීතියක් ද පණවා නැත. එහෙයින් ව්‍යවස්ථාදායකය නොහොත් නීති හදන ජනතා නියොජිතයන් කළ යුතු බොහෝ දේ ඇත

හරීන්ලා කළ යුත්තේ කළු සාටක පැලදීම් නොවේ

ලංකාවේ වර්තමාන උසාවියට අපහාස කිරීමේ නීතිය අඳුරු එකකි. මේ නිසා විනිසුරුතුමන්ලාට හැඟීම් අනුව වුවද දඬුවම් පැමින වීමට නිදහස ඇත. තවද බලවත් පාර්ශවයකට ආයුධයක් ලෙස උසාවියට අපහාස කිරීමේ ව්‍යාතිරේඛය භාවිතා කළ හැක. එනම් නීතියේ හිඩසක් ඇත . එසේනම් නීති සම්පාදනය කරන පිරිස වන හරීන් ඇතුළු මන්ත්‍රීන් කළ යුත්තේ කුමක්ද ?ඔවුන් කළ යුත්තේ කළු සාටක පැලදීම නොව අධිකරණයට අපහාස කිරීම සහ එහි ක්‍රියාපටිපාටිය නිෂ්චිතව අර්ථ දක්වමින් පවතින නීතිය සංශෝධනය කිරීමය.

හරීන්ලාගේ මූලික වගකීම නීති සම්පාදන සහ අණ්ඩ දැමීමය – ඔවුන් නොකරන්නේද එයමය

රන්ජන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ නඩුව පැවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේය. සාමාන්‍යයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවකට අභියාචනය කිරීමේ හැකියාවක් නැත. අධිකරණයට ​​අපහාස කිරීම සම්බන්ධයෙන් වන නීතිය නියාමනය කරන අන පනත් අත්‍යවශ්‍ය වන්නේ එබැවිනි. තවද රන්ජන්ට ලබා දී තිබෙන සිව් අවුරුදු සිර දඬුවම නීතියට අනුකූල සාධාරණ හෝ යුක්ති සහගත දඬුවමක් ලෙස සැලකිය නොහැකිය. අධිකරණයට අපහාසයක් ඇතිකරන ආකාරයේ විවේචනයන්ට පවා නූතනවාදි අධිකරණ දඬුවම් කරන්නේ නැත. දියුණු රටවල අධිකරනයට අපහාස කිරීමක් ලෙස සලකන්නේ අධිකරණ තීන්දුවක් ක්‍රියාවට නැගීම වලකන ක්‍රියා කාරකම් වලටය. මේ වන විට ලෝකයේ හැම රටක්ම පාහේ අධිකරණ අපහාස විෂය නියාමනය කරන අන පනත් සම්මත කොට ඇත.

වියතුන්ගෙන් පාඩමක්රන්ජන්ගේ සිරගත වීමට වග කිවයුතු වන්නේ සහෘර්ද මන්ත්‍රීවරුමය

නීතියේ අයුතු අසාධාරණ තැන් සංශෝධනය කරමින් , පවතින හිඩැස් වසා දමමින් ලංකාවේ අපද ශිෂ්ඨාචාරගත සමාජයක් විය යුතු නොවේද ? එහි පෙර ගමන් කරුවන් විය යුත්තේ නීති සම්පාදනය සදහා පාර්ලීමේන්තු ගිය මන්ත්‍රීන්ය. රවි කරුණානායක වෙළද කටයුතු ඇමති ලෙස සිටියදී ලංකාවේ වාණිජ ක්ෂේත්‍රය නවීකරණය කිරීමට පාර්ලීමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පනත් 38 ක් ඉදිරිපත් කළේය. මුදල් ඇමති ලෙස සිටියදී රටේ උන්නතිය වෙනුවෙන් නව පනත් 11 ක් ගෙන ආවේය. නීතිය යනු එකතැන පල්වන විෂයක් නොව නිරන්තරයෙන් අණ්ඩ දැමිය යුතු විෂයකි . නමුත් අවාසනාවට ලංකාවේ පාර්ලීමේන්තු මන්ත්‍රීන්ගේ නූගත් බව සහ නොසැලකිල්ල නිසා ලංකාවේ නීතිය එක තැන පල්වන වියෂක් බවට පත්ව ඇත.

ජනතා අභිලාෂ වලට පි‍ටුපාන දේශපාලකයන් අවධි කළ යුතුය

විපක්ෂ නායකයා , විපක්ෂය , සජබය, එජාපය යනු කිසිවෙකුගේ බූදලයක් නොව ජනතා පරමාධිපත්‍යයේ මෙහෙකරුවන්ය. කරුනු එසේ හෙයින් විපක්ෂ නායක සජිත්, රාජපක්ෂලා සමග ඩීල් දමමින් ජනතා ගැටළු ඉදිරියේ නිහඩ ප්‍රේක්ෂකයෙකු ලෙස සිටීනම් ඔහුට පහර දීමට දෙවරක් සිතන්නේ නැත. ජලනී කූට ව්‍යාපාරිකයන් සමග හාන්සි වෙමින් ජනතා පරමාධිපත්‍යයේ පතිවත කෙලෙසන්නේ නම් ඊට සමාව දීමට අප සූදානම් නැත. ලංකාවේ තනි විශාලතම දේශපාලන බලකො‍ටුව විනාශ කිරීම පිළිබදව රනිල් වික්‍රමසිංහට සමාව දිය හැකිද ? එජාපය යලි ගොඩ නැගීමට නිසි යාත්‍රණයක් සැකසීමට අපොහොසත්වීම පිළිබදව රුවන්ට සමාව දිය හැකිද ? මැතිවරණය අවසන් වී මාස 6 ක් ගත වුවද සිය පාර්ලීමේන්තු නියොජිතයා නම් නොකරන ලෙඩ කපු‍ටු එජාප පාලන අධිකාරිය ගැන නිහඩ විය යුතුද ?

බුරන බල්ලන් සමග ගණුදෙනුවක් අපට නැත

අපගේ ගණුදෙනුව එජාපයට , රනිල්ට , සජිත්ට , රවීට , හරින්ට, රන්ජන්ට, අර්ජුනට , රුවන්ට, රංගෙට, පාලිතට, දයාට, නවීන්ට, හිරුනිකාට, මුජිබර්ට, හකීම්ට, චම්පිකට, ෆොන්සේකාට, අජිත්ට, හර්ෂට, නලින්ට, හේෂාට, සුජිවට මෙකී නොකී ප්‍රගතිශීලී මිනිසුන්ට ආදරය කරන මිනිසුන් සමග පමනි. බුරන බල්ලන් සමග ගණුදෙනුවක් අපට නැත . එජාපයට , සජිත්ට ආදරය කරන මිනිසුන්ට දීමට ඇති පණිවිඩය සරලය . ඒහි පස්සිකෝ ! ( එව, අප මේ කියන දෑ බුද්ධියෙන් විමසා බලව.. )

මූන සමග තරහ වී නහය කපා ගැනීම

ගෝඨාණ්ඩුව සිදු කළ කෝටි 5000 කට වැඩි මහා භාණ්ඩාගාර කොල්ලය ( සීනි, ෆාම් තෙල් වංචාව ) ඉතිහාසයේ විශාලතම වංචාව විය . නමුත් ගෝඨාණ්ඩුව ඒ පිළිබදව සෙවීමට කොමිසම් පත් කළේ නැත. එදා බැදුම්කරයට කොමිසම් පත් කළ සජිත් සහ සිරිසේන ඉතිහාසයේ විශාලතම වංචාව ගැන මීක් නැත.

එදා සජිත් සහ සිරිසේන බැඳුම්කරය ගැන සෙවීමට කොමිසම් පත් කොට ආණ්ඩුව සහ එජාපය යන දෙකම විනාශ කළෝය. සජිත්වාදීන් පාර්ලීමේන්තු මැතිවරණයෙදී බැඳුම්කරයෙන් එජාපයට පහර දුන්නේය . එහි ප්‍රතිඵලය ලෙස ලක්ෂ 20ක පමන එජාප ඡන්ද දායකයන් උකටලී විය . සජබ- එජාප- සිරිසේන වාදීන් රාජපක්ෂ දේශපාලනයෙන් ඉගෙන ගත යුතු පාඩම් බෝහෝය. එසේ නොමැති වුව හොත් ඔවුන්ට සිදුවන්නේ හැමදා විපක්ෂයේ ලැගීම සහ වළං සේදීමය

ඉහළ ඇවරිය අවදි කිරීම මිස බුරන බල්ලන්ට ගල් ගැසීම අපගේ කාර්ය නොවේ

 පසුගියදා ගෝඨාගේ මාධ්‍ය බලකායේ සාමාජිකයෙකු වූ මදූෂ ප්‍රභාත් කණිෂ්ක ලියනගේ එල්ලී දිවිනසා ගත්තේය.මොහු ගෝඨාගේ කැම්පේන් එකට සිය දේපල පවා විකුණා වැඩ කළ අයෙක් විය. නමුත් එම සිදු වීම හරහා බිම් මට්ටමේ චිත්ත ධෛර්ය ඉරිතලා යාමට ගෝඨාණ්ඩුව ඉඩ දුන්නේ නැත. වරදක් සිදුව ඇති බව ඔවුන් පිළිගත්හ. කනියාගේ ප්‍රාණය නිරුද්ධ වූ සිරුර මාධ්‍යයෙන් සැගවීමට කටයුතු කළේය. ව්‍යාපාරීක දිලිත් ජයවීර කනියාගේ පවුලේ ආර්ථික දුෂ්කරතාවයට පිලියම් යෙදුවේය. එවැනි යාන්ත්‍රණයක්, එකමුතු බවක් , කැපවීමක් විපක්ෂයටද අවශ්‍යය. එවැනි ප්‍රවේශයක් සඳහා පෙරමුණ ගත යුත්තේ බිම් මට්ට්මේ සාමාජිකයන් නොව ඉහළ ඇවරියේ සාමාජිකයන්ය. අපේ මාධය භාවිතාව ඒ වෙනුවෙනි. ඉහළ ඇවරිය අවදි කිරීම අපගේ ඉලක්කය වන අතර එකී ගමනේදී බුරන බුරන බල්ලන්ට ගල් ගැසීමට අපේ කාර්ය නොවේ.

Add Comment