බෝම්බ ඊබ්‍රහීම් කඩු 6000ක් ගෙන්වලා, අත්අඩංගුවට ගත්තේ 600යි, අගරදගුරුතුමාගේ කෙස් කෙලින් කරන නඩුව මෙන්න

බෝම්බ ඊබ්‍රහීම් කඩු 6000ක් ගෙන්වලා, අත්අඩංගුවට ගත්තේ 600යි, අගරදගුරුතුමාගේ කෙස් කෙලින් කරන නඩුව මෙන්න image 50

පාස්කු ප්‍රහාරයට ප්‍රථම සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී බෝම්බය පුපුරුවාගෙන මියගිය මොහමඩ් ඉබ්‍රාහිම් ඉන්ෂාප් නමැත්තා විසින් කඩු හා උල් ආයුධ 6000 ගෙන්වා ඇත. චීනයෙන් ආනයනය කර තිබූ එම කඩු වලට මුදල් ගෙවූයේ ඉන්සාෆ් බව මේ වන විට සියළු සාක්ෂි සහිතව ඔප්පු වී ඇත. යහපාලන රජය කාලයේ සිදු කළ මෙහෙයුම් වලින් පල්ලිවල තිබී චීනයේ නිෂ්පාදනය කළ කඩු 600 ක් අත් අඩංගුවට ගෙන තිබුණි.

පාස්කු බෝම්බ පිපිරී වසර 2 කට ආසන්න කාලයක් ගත වුවද ආයුධ තොගය මෙරටට ගෙනාවේ කවර කාරණාවක් සඳහාද ? ඉතිරි කඩු 5400ට සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳව නිසියාකාර පරීක්ෂණයක් සිදු කිරීමට ආරක්ෂක අංශ අපොහොසත් විය.

පසුගියදා කාදිනල් මැල්කම් රංජිත් පැවරූ නඩුවට නිමිත්ත වූයේ මෙම කරුනය. කඩු හා උල් ආයුධ 6000 ක් ආනයනය කිරීම ගැන සම්පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මැල්කම් රංජිත් තුමන් ඊයේ (18 වැනිදා) අභියාචනාධිකරණය හමුවේ නඩු පැවරුවේය . ආරක්ෂක ලේකම් කමල් ගුනේ අයියාද නඩුවේ වගඋත්තරකරුවෙකු කොට තිබුණි

කරුණු සළකා බැලූ අධිකරණය වගඋත්තරකරුවන්ට මාර්තු 05 දා උසාවියේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කළේය.

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න අපරාධ CID අධ්‍යක්ෂ අධිකාරි නිෂාන්ත සොයිසා, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, NIA (ජාතික බුද්ධි සේවා) ප්‍රධානි ජීවන් රුවන් කුලතුංග, SIS (රාජ්‍ය බුද්ධි අංශ) ප්‍රධානි සුරේෂ් සාලේ, රේගු අධ්‍යක්ෂ ජනරාල් මේජර් විජිත රවිප්‍රිය යන ඉහල ඇවරිය නඩුවේ වගඋත්තරකරුවන්ය

Add Comment