දුමින්ද සිල්වා නාටකය 2 – ගෝටාගේ සිංගප්පූරු සැත්කම

දුමින්ද සිල්වා නාටකය 2 – ගෝටාගේ සිංගප්පූරු සැත්කම kissiriv 1

මහජන මුදලින් පියාගේ සොහොන ඉදිකිරීම  සියවසේ සිදුවූ සොරකම් අතර ලැජ්ජා සහගතම හොරකමකි. ගෝටාබය රුපියල් තුන්කෝටි තිස්නව ලක්ෂයක් අවභාවිතයේ යොදවා පියාගේ සොහොන ඉදි කළේය . මෙම නඩු කටයුත්ත විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ජූනි 2 ආරම්භ විය. නමුත්  ගෝඨාභය අධිකරණය හමුවේ පෙනී නොසිටියේය.  ඔහුගේ නීතිඥ අලි සබ්රි මෝසමක් ඉදිරිපත් කරමින් ගෝඨාභය සිංගප්පූරු රෝහලකදී සැත්කමකට ලක්ව ඇති බව කියා සිටියේය

”පුහුල් හොරා කරෙන් දැනේ ”

ගෝටාබයට විදේශ ගත වීමට අවසර ලැබුනේ සානුකම්පිත හේතු මත ය. වෛද්‍ය ප්‍රතිකාර සදහා විදේශ ගත වීමට අවසර ලද කාලය වූයේ මැයි 24 සිට ජූනි 02 දක්වා පමනි. නමුත් ගෝටාබය නියමිත දිනට නොපැමිනියේය . එපමනක් නොවේ  ඉදිරියේදීද වෛද්‍ය පරීක්ෂණ වලට  මුහුණදීමට සිදුව ඇති බව ගෝටාගේ නීතීඥයා දැන් කියන්නේය . අලි සබ්රි ගෝටාගේ අසනීපය පිලිබදව වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය .වෛද්‍ය වාර්තාව ලබා දෙමින් අලි සබ්රි විශේෂ ඉල්ලීමක් කළේය . වෛද්‍ය වාර්තාව අධිකරණයේ සේප්පුවක තබන ලෙස අලි සබ්රි ඉල්ලුවේය.

අලි සබ්රිගේ අමුතු යෝජනාව

අලි සබ්රි තවත් තවත් අමුතුම පන්නයේ  ඉල්ලීමක් කළේය.  ඔහු කියා සිටියේ නඩුව ඊලගට කැදවන දිනය වන ජූනි 19 වන දිනද ගෝටාට පැමිනීමට නොහැකි නිසා  ගොටාගේ නඩුව, නඩු කාලසටහනෙන්  ඉවත් කරන ලෙසය. ගෝටාගේ වෛද්‍ය වාර්තාව ආරක්ෂිත සේප්පුවේ තැබීමට අධිකරණයේ අවසර හිමි වුවත්, නඩුව විභාග කාලසටහනෙන් ඉවත් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව විරුද්ධ විය

නීතිපති ගෝටාබයගේ ඉල්ලීමට එරෙහි වෙයි

නීතිපති දෙපාර්තමේන්තුව කියා සිටියේ විත්තිකරු වෙනුවට පෙනී සිටීමට නීතිඥවරයාට අවසර ලැබී ඇති නිසා නඩුව කාලසටහනෙන් ඉවත් කිරීම අවශ්‍ය නොවන බවය.ඒ අනුව ජූනි 19 දින ගෝටාගේ නඩුව යලි කැදවීමට නියමිතය .විත්තිකරු නොමැතිව නඩුව විභාග කරන්නේද යන්න එදින අධිකරණය විසින් තීන්දු කරනු ඇත. ගෝඨාභය විවිධ උපක්‍රම භාවිත කරමින් නඩුව මගහැර යාමට උත්සාහ ගනිමින් සිටින බවට නීතිපති දෙපාර්තමේන්තුව මීට පෙරද චෝදනා කර තිබිණි.

ගෝටාබයට අසාද්‍ය යයි” පුවත් මැවීමට විශේෂ කන්ඩායම් යෙදවීම

තවද වෙබ් අඩවි සහ සමාජ ජාලා හරහා ” ගෝටාට අසධ්‍යයයි” කියා පුවත් මැවීමට විශේෂ කන්ඩායමක් යොදවා ඇත.අතෙකින් ගෝටාබයගේ වෛද්‍ය වාර්තාව සේප්පුවක තබන්නැයි ඉල්ලිම් කරන මොවුන් තවත් අතෙකින් ගෝටාභයට සමාන අයෙකු ලෙඩ ඇදක සිටින පෝස්ටර් නිමවා අන්තර් ජාලය වෙත මුදා හරින්නේය

ගෝටාබයට අශ්වයා ලාබෙට ගන්නත් ඕනෙ , නේරන්ජනාවෙන් එතෙර වෙන්නත් ඕනෙ

මේ දක්වා ගෝටා වෙනුවෙන් සෑම නඩු වාරයකටම පාහේ පෙනී සිටියේ රොමේෂ් සිල්වාය . ඔහු එක් නඩු වාරයක් වෙනුවෙන් මිලියන ගනනින් අය කළේය. රෝමේෂ් වැනි ප්‍රවීනයෙකු හලා අලි සබ්රි වැනි ගොඩ පෙරකදෝරුවෙකුගේ උපදෙස් ගත්තේ මුදල් ඉතිරි කිරීමට යයි කේෂේත්‍රයේ කතා බහක් ඇති වී ඇත .තීති ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග අනුව අධිකරණය මග හැර සිටීමට ‘සිංගප්පූරු ‘සැත්කම් අයිඩියා” එක දී ඇත්තේ රෝමේෂ් සිල්වා නොවේ .යම් හෙයකින් එලඹෙන 19 දා ගෝටා නොමැතිව සොහොන් නඩුව විභාගයට ගැනීමට අධිකරණය තීන්දු කල හොත් ගෝටා කබලෙන් ලිපට වැටෙනු නියතය

By Thusharaa wanniarachchi

Editor – LANKA NEWS APP .COM