නායකයාට කොන්දක් නෑ! අගරදගුරු පාස්කු විද්වත් කමි‍ටුවේ කලිසම ඔළුවෙන් ගලවයි

නායකයාට කොන්දක් නෑ! අගරදගුරු පාස්කු විද්වත් කමි‍ටුවේ කලිසම ඔළුවෙන් ගලවයි image 53

මේ වනවිට පාස්කු ප්‍රහාරය විමර්ශණය කළ කොමිසම් වාර්තාව ජනාධිපති අතට ලබා දී ඇත. පෙරේදා එනම් 20 වැනිදා එම වාර්තාවේ ඇතුළත් කරුණු හා නිර්දේශ ගැඹුරින් අධ්‍යයනය කර ඒ පිළිබඳ වාර්තා කිරීමට විද්වත් කමිටුවක් පත් කළේය.

ඇමැති චමල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධනය.

ගෝඨා පත් කළ කමි‍ටුව බැලූ බැල්මටම මුග්ධ එකක් විය . එය පාස්කු වින්දියනට කළ සාහසික වංචාවක් අපරාධයක් විය මෙම කමි‍ටුව පත් කළ විගස බෝමබ ප්‍රහාරයේ වින්දියන් කුපිත විය .

ඔවුන් පවතින රජයට සහ ගෝඨාභයට විරෝධය පල කරමින් උද්ඝෝෂණයක් කළේය .මෙම උද්ඝෝෂණය සිදු කළේ ක‍ටුවාපිටිය දෙවස්ථානය ඉදිරිපිටය. එම අවස්ථාවේදී අගරදගුරුවරයාද එම ස්ථානයට පැමිණියේය.

උන්වහන්සේ මාධ්‍ය හමුවේ සිය අදහස් පල කළේය. සාමාන්‍ය පෙළ විභාගය හෝ සමත් නැති අයට පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් සම්බන්ධයෙන් තීරණ ගැනීමට ඉඩදිය නොහැකි බව උන්වහන්සේ කීවෙය. අපි බලාපොරොත්තු වෙන්නෙ පිටකොන්ද තියෙන නායකයන්ව.  රජය ක්‍රියාමාර්ගයක් ගත්තෙ නැත්නම් අපි වෙනත් ක්‍රියාදාමයකට යන්න සූදානම් බවද උන් වහන්සේ අවධාරණය කළේය


Add Comment