විමල් වසල කුලේ දේශපාලකයෙක් – මයික් ඉදිරියේ පච පච ගෑම දේශපාලනය නොවේ- දිළුම් කියයි

විමල් වසල කුලේ දේශපාලකයෙක් –  මයික් ඉදිරියේ පච පච ගෑම දේශපාලනය නොවේ- දිළුම් කියයි image 54

විමල් වීරවංශ තර්ඩ් ක්ලාස් දේශපාලනයක ( වසල දේශපාලනයක ) නිරත වන්නේ යයි දිළුම් අමුනුගම චෝදනා කළේය . ඔහු මෙම චෝදනාව එල්ල කළේ ඊයේ (20) මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. 

දේශපාලනය කියන්නෙ මයික් එකක් ඉස්සරහට වෙලා පච පච ගාන එකයි විවාද වලට ගිහිල්ලා කෑගහන එකයි පාර්ලිමේන්තුවෙ මේ පැත්තෙ ඉඳන් අර පැත්තට මඩ ගහන එක නොවන බව දිලුම් කීවේය.

දිළුම් අමුණුගම නාමල් රාජපක්ෂගේ අති ජාත හිතවතෙකි. එමෙන්ම දිළුම්ගේ පියා විශ්‍රාමික හමුදා ජෙනරාල් කෙනෙකු වන අතර එම නිසා දිළුම් ගෝඨාගේද විශ්වාසය දිනාගත් අයෙකි

දිළුම් යනු වර්තමාන දේශපාලනයේ එක්තරා ජනප්‍රිය ‍රැල්ලක් නියෝජනය කරන කන්ඩායමකි. දිලුම් විමල්ට එරෙහි වීම හුදු සාමාන්‍ය සිදුවීමක් නොව පරපුරක මතයක් නියෝජනය කිරීමකි

බඩ දේශපාලනය සහ සහජ කුප්ප ගති පැවතුම් නිසා විමල් මේ වන විට ඇණගෙන ඇති බව පක්ෂ විපක්ෂ බොහෝදෙනෙකුගේ මතය වී ඇත

Add Comment